සොරුන්ගෙත් සොරුන්ට දැන් සරුයිලු…???

0
45

මීට මාස කිපයකට ඉහතදි ලංකාවේ වෙනත් කිසිදු නගරයකින් වාර්ථා වෙතැයි සිතන්නටවත් බැරි සිදුවිමක් මීගමුව  පොලිසියෙන් අසන්නට ලැබුණි.එනම් රත්තරන් බඩු සොරාගත් හොරුන්ගෙන් ඒ බඩු  හොරකම් කළ මීගමුවේ පොලිස් නිළධාරින් පිරිසක් පිළිබදවය.මේ පිරිසට මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකද අයත්ව තිබුණි.

දැන් මේ සියළු දෙනාගේම වැඩ තහනම්ය.දැන් ඔවුන් එළියේ සිටින්නේ ඇප මතය.එහෙත් මේ අයට සරු බව අප හා පවසා සිටියේ ඊයේ දිනයේ කටාර් රාජ ්‍ය යේ එමිර් වරයාට ආරක්ෂාව ලබාදිම සදහා කටුනායක අවට විශේෂ පොලිස් මුරසේවාවේ යෙදි සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.

ඔහු කියා සිටියේ මේ කල්ලියේ ඇතැමෙක් දැන් තට්ටු ගෙවල් හදා වාහන දෙක බැගින් තබාගෙන සිටියත් තමන් වැනි අයට තවමත් යතුරුපැදියක් වත් ගන්නට හැකියාවක් නැතිබවය.