පාප්තුමන්ගේ ගමන අඩමානද ?

0
39

Pope Francis in crowdපාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය සම්බන්ධයෙන් විවිධ වාද විවාද සංවාද මතුවෙමින් තිබේ.මේ අතර ආණ්ඩුව විසින් පාප්තුමන්ගේ සංචාරය මුව විටේ තබාගෙන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරිමත් සමගින් පාප්තුමන් විකුණා ජන්දයෙන් ගොඩයෑමේ සංකල්පය මත පාප්තුමන්ගේ  රුව විවිධ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දැනටමත් යෙදවෙන්නට පටන් ගෙන තිබේ.
මේ සියළු යථාර්ථයන් තුල විවිධ කිතුණු කණ්ඩායම් පාප්තුමන්ගේ ගමන වෙනස් කරගන්නා ලෙස ඉල්ලමින් ලිපි යවා ඇතැයි වාර්ථා වේ.මේ පිරිස අතර කතෝලික පුජකතුමන්ලාද වෙති.
පසුගිය දිනක කොළඹට රැස්ව සිටි බිෂොප්වරුන්ගේ සම්මේලනය මේ පිලිබදව දිර්ඝ ලෙසින් සාකච්ජා කර ඇත.වතිකානුවේ සම්ප්‍රදාය අනුව නම් පාප්තුමන්ගේ සංචාරය ලංකාවට කිසිසේත්ම නොගැලපෙන්නෙකි.