මාධ්‍යවේදි තිසරට එල්ලකරන මරණ තර්ජන පිළිබදව මාධ්‍යවේදින් ගේ විරෝධය

0
127

2014 දෙසැම්බර් 05 වනදා දහවල් ඒප්පාවල නගරයේදි පැවැති විරෝධතාවකදි ඊට විරෝධය දක්වමින් කඩාවැදුන මැරයන්ගේ පහරකෑමට ලක්වු එප්පාවල හිරු මාධ්‍යවේදි තිසර මහතා දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර දැන් ඔහුට දුරකථන මගින් මරණ තර්ජන එල්ලවෙමින් ඇති බව වාර්ථා වේ.
මෙයට විරෝධය පළකරමින් හෙට දිනයේ අනුරාධුපුරයේදි විරෝධතායවක්ද සංවිධානය වෙමින් තිබේ.
මේ අතර දිවයින පුුරා විසිර සිටින මාධ්‍ය සංවිධාන විසින් සිය විරෝධය ගොනු කළ මාධ්‍ය නිවේදන නිකුත් කරන්නටද පටන් ගෙන තිබේ.
පහත පළවන්නේ එසේ අප වෙත ලැබුණ එක් නිවේදනයකි.

Thisa Eppawala

ජනමාධ්‍යවේදීන්ගේ ජාතික එකමුතුව ,
වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,
ජනසන්නිවේදකයින්ගේ  සමූපකාර සමිතිය.
2014.  12. 06

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ,
රවී විෙජ්ගුණවර්ධන මහතා,
අනුරාධපුරය.

රෝගියෙකුට  රෝහලකදී ප්‍රතිකාර ලබාගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ
පොලිසියේ වගකීම ඉටුකරන ලෙස ඉල්ලීම.
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ මූලික අවශ්‍යතාවය ඉටුකරමින් සිටි එප්පාවල හිරු රූපවාහිනී වාර්තාකරු, මාධ්‍යවේදී තිසර සමල් මහතාට 2014. 12. 05 වැනි දින එප්පාවලදී පහරදී, තුවාල සිදුකොට ඔහුගේ කැමරාව විනාශ කළ මැරයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසට පළමුව අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.
මෙම ප්‍රහාරය හේතුවෙන් දැනට එප්පාවල රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන තිසර සමල් මාධ්‍යවේදියා වෙත පැමිණ, ප්‍රතිකාර නොලබා රෝහලෙන් පිටවී යන ලෙසටත්, එසේ නොකරන්නේ නම් මව්පියන් මරාදමන බවටත් ඔහුට පහරදුන් මැරයින් විසින් තර්ජනය කරමින් සිටිති. මේ හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින තිසර සමල් මාධ්‍යවේදියාට නිදහසේ ප්‍රතිකාර ලබාගැනීමේ අයිතිය අභියෝගයට ලක් වී ඇති බව අපගේ විශ්වාසයයි.
එබැවින්, මාධ්‍යවේදී තිසර සමල් මහතා ප්‍රතිකාර ලබන වාට්ටුවට සහ ඒ මහතාගේ එප්පාව පිහිටි නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී ඔහුගේ සහ ඔහුගේ දෙමව්පියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඔබතුමා විසින් කඩිනම් පියවරක් ගනු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු.
මෙයට,
ටී. රෝහණ සිරිවර්ධන    ජනූර් කිචිලාන්,            කාංචන කුමාර ආරියදාස,
කැ`දවුම්කරු,             සභාපති,                සභාපති,
ජනමාධ්‍යවේදීන්ගේ         වයඹ ජනමාධ්‍යවේදීන්ගේ         ජනසන්නිවේදකයින්ගේ
ජාතික එකමුතුව.        සංගමය.                    සමූපකාර සංගමය.
0722126486            0777678381                0773416157

කඩිනම් අවධානයට.
01. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – අනුරාධපුරය
02. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
03. මූලස්ථාන පොලිස් පරීක්ෂක, අනුරාධපුරය