මීගමුවේ මහනගර සභා අයවැය පරද්දන්න එජාප මන්ත්‍රින් 4 ක් බෑ කියලා?

0
40
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය
ඇමති නිමල් ලංසාට දකුණු පසින් සිටින්නේ සජිත් මොගන් නාගරික මන්ත්‍රිවරයාය

මීගමුවේ මහනගර සභාවේ අයවැය පැරදිවිමට  සිය කණ්ඩායම් රැස්විමේදි තීන්දු ගෙන පැමිණි නාගරික මන්ත්‍රින්ගෙන් 4 දෙනෙකු අවසන් මොහොතේ ඡන්දය දිමෙන් වැලකි සිට ඇත.
මේ අවසන් පවාදිම සිදුකර ඇත්තේ  රවි ජිවාන්නද ,නස්මියාර්,සජිත් මෝගන් සහ නිශාන්ත ප්‍රනාන්දු යන නාගරික මන්ත්‍රින්ය.
නස්මියාර් යනු දැනට මහනගර සභාවේ මුදල් කාරක සභාව නියෝජනය කරන මන්ත්‍රිවරයාය.මුදල් කාරක සභාවට මෙසේ ඡන්දයෙන් තොරාගන්නේ ආණ්ඩු පක්ෂයට ද වඩාත්ම හිතවත් තැනැත්තාය.
ඒ අනුව නස්මියාර් මන්ත්‍රිවරයා ඉතිහාසය පුරාම ආණ්ඩු පක්ෂ විසින් ඔහු කෙරේ තැබු විශ්වාසය කිසිසේත් පළුදු නොකරගනිමින් මුදල් කාරක සභාවේදි ආණ්ඩුව විසින් ගෙන එනු ලබන සියළු දෑ අනුමත කරමින් සිය ලෙන්ගතු බව පෙන්වා දි  තිබේ.
මෙයට අමතරව විවිධ ටෙන්ඩර් ඇතුඵ වරදාන වලින් නස්මියාර් මන්ත්‍රිවරයා පිදුම් ලබන්නේය.
රවි ජිවාන්නද මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් ඇති ප්‍රධාන හා ප්‍රසිද්ධ චෝදනාව වන්නේ ඇමති නිමල් ලංසාගෙන් සිය දියණියගේ විවාහය සදහා ලැබුණ මුදල් අධාර පිළිබදවය.සජිත් මෝගන් මන්ත්‍රිවරයා නගර සභාවේ පසුගිය කාලයේ වැඩි මිල  අභ්‍යාස පොත් ටෙන්ඩරය  සෑම වසරකදි ලබාගන්නට වාසනාවන්ත වු මන්ත්‍රිවරයාය.
දරුවන්ට දෙන නොමිලේ පොත් වලින් ලක්ෂ ගාණක් ආණ්ඩුවේ  මෙන්ම විපක්ෂයේ මන්ත්‍රිවරුන්ටද ගසා කන්නට මේ නිසා සජිත් මෝගන් මන්ත්‍රිවරයා විසින් ඉඩ ලබා දි තිබේ.එය ඔහුගෙන් අනික් මන්ත්‍රිවරුන්ට ලැබනෙ කප්පමයි.
නිශාන්ත ප්‍රනාන්දු යනු නිතිඥයෙකි. පසුගිය  තිරාණාත්මක අවස්ථා ගණනාවකදි පොදු ජන උවමනාවට පිටු පෑ අයෙකි.
ඇමති ලංසා හා ඇති සමිප සබදතා ගැනද තතු දත් අය අතර කසුකුසු එමටය.
කෙසේ වෙතත් 9 දෙනෙකුගෙන් යුත් එජාප නාගරික මන්ත්‍රි මණ්ඩලය එක තින්දුවකට මෙහෙයවාගන්නට විපක්ෂ නායක කැලිසන් ජයකෙොඩි මන්ත්‍රිවරයා අපොහොසත්ය.
ඊට හේතුව වන්නේ ඔහුටද  ආණ්ඩුවත් සමගින් ඇති විවිධ ගණුදෙනු හේතුවෙනි.මේ නිසා කකුඵ පැටවුන්ට කෙලින් වන්න යැයි කියන්නට ඔහු අපොහොසත්ය.
ඔහුට එල්ලවු මෑතම චෝදනාව වන්නේ මහජන බදුමුදලින් නගරාධිපතිවරයා සමගින් චිනයේ සංචාරයක නියැලිම පිළිබදවය.
දැනට මීගමුවේ වැඩබලන ආසන සංවිධායකවරයා වන්නේ දොස්තර කාවින්ද ජයවර්ධනය මහතාය.ඔහුගේ දේශපාලන අත්දැකිම සහ මුහුකුරා ගිය බව මේ ඇතැම් කපටි නාගරික මන්ත්‍රින් පාලනය කරගැනිමට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැත.
රටේ අනාගතය සම්බන්ධයෙන් තිරාණාත්මක මැතිවරණයක් මුවවිටේ තබාගෙන සටන පාවාදෙන මෙවන් නාගරික මන්ත්‍රිවරුන්ව පාලනය කරගැනිමට මීගමුව ප්‍රධාන ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතද අපොහොසත්ව ඇති සෙයකි.
මීගමුව යනු ඉදිරි මැතිවරණයේදි ගම්පහ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ පරාජය ලකුණු කරන්නට විශාල හයියක් ලබාදෙන්නට හැකි ආසනයකි.
කතෝලික ඡන්ද මෙන්ම දමිල සහ මුස්ලිම් ඡන්දද විශාල ප්‍රමාණයකින් එය සමන්විත වන නිසාය.
මේ පසුබිම තුල මීගමුව ආසන සංවිධායකවරයාව මෙවර මැතිවරණය කාලය පුරාවටද බන්ධනාගරයේ තබාගන්නට ආණ්ඩුව විසින් සියළු ප්‍රයත්ත දරන්නේ ඇයිද යන්න තේරුම් ගැනිම අපහසු නොවනු ඇත.