මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිලාටත් මෛත්‍රිගේ දෑත් ශක්තිමත් කරන්න ඕනෑලු?

0
39

මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරිම සදහා තමන්ද කැමැති බවත් ඒ වෙනුවෙන් කිසියම් වරදානයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත.
මේ අයගෙන් මන්ත්‍රිලාගේ දෙදෙනෙකු කලින් එක්සත් ජාතික පක්ෂයේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කරන්නට වැට පැන්න දෙදෙනෙකි.
දැනට මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙලිගැසි ඇති ආණ්ඩ පක්ෂය  මන්ත්‍රිලාගේ ගණන දිනෙන් දිනම වැඩිවෙමින් තිබේ.
මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කථිකයන් විශාල පිරිසක් සහභාගිවන මීගමුව ප්‍රචාරක රැළිය අද සවස 4.30 ට මීගමුව ලෙයිටන් පිටියේදි පැවැත්වේ.