තින්දුවක් ගන්න කියා සුදර්ශනිටත් ඉල්ලීමක් ?

0
84

එල්.ටි.ටි.ඊ සංවිධානයේ ගිණුමට බැරකරමින් ශ්‍රිලනිප ප්‍රබලයෙකු වු ජේයරාජ් ප්‍රනාන්පුල්ලේ ඝාතනය කිරිමේ සිදුවිම ගැන නැවතත් සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කර බලා පාර්ලිමේන්තු මන්ත්‍රණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නිවරදි තින්දුවක් ගතයුතුව ඇතැයි ඊයේ මීගමුවේදි පැවැති පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා  දිනවිමේ රැළියේදි කියැවිණි.හෙළඋරුමයේ රතන හිමි ඇතුළු තවත් කතිකයන් කිපදෙනෙකුම මේ ගැන අවධාරණය කර තිබුණි.
කෙසේ වෙතත් ෆේස් බුක් සාමාජ ජාලයේ පැවැති පුවතක් පිලිබදව සංවාදයේ යෙදෙන කිපදෙනෙකු දක්වා තිබුණේ සුදර්ශණි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සිය දරු දෙදෙනාද සමගින් සභභාගිව සිටි නත්තල් සාදයකදි වෙනසක ඇවැසි තාවය ගැන යම් යම් ඉගි ඇය විසින් පළ කර තිබුණ බවය.
මේ සාදයේ සංගිතය සැපයු නලින් ප්‍රමුඛ මේරියන්ස් කණ්ඩායම විසින් මෛත්‍රි පාලනයක් යැයි කියද්දි සුදර්ශනි මැතිණිය දිගු වේලාවක් යනතුරු අත්පොලසන් දුන් බවද එහි දක්වා තිබුනි.කෙසේ වෙතත් ඒ ජාලයට පැහැදිලි කිරිමක් කර තිබුන ප්‍රනාන්දුපුල්ලේ පවුලේ අයෙකු සදහන් කර තිබුණේ දැනට සංවාදයකට ලක්වෙමින් ඇති මේ පුවත සත්‍යයෙන් තොර බවය.sudarshani