‘ මහින්ද අරක්කු දීලා ගේන සෙනග නෙමේ – මේවා නියම මහජන රැළි’ – රාජිත සේනාරත්න මීගමුවේදී කියයි

0
148
වීඩියෝව මෙතනින්  බලන්න
 හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ජනවාරි 01 වනදා  මීගමුවේ  පැවති විපක්ෂයේ පොදු රැස්වීමක් අමතමින් කියා සිටියේ  එම ස්ථානයට පැමිණ සිටි ජනතාව  බස් දී හෝ අරක්කු දී හෝ පැමිණි ජනතාවක් නොවන අතර   මේ පැමිණ ඇත්තේ  ඔවුන්ගේ  හදවතින් ම බවයි. එමෙන්ම අපි මහින්ද රාජපක්ෂගේ දත් 32 න් දැන් 27 ගලවා ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කරන ලදී.  එම ප්‍රකාශය  පරිදි පාර්ලීමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ  මහතා ජනවාරි 02 වනදා  පොදු විපක්ෂයට එක් විය. තවද “තව 05ක් ඉතුරු වෙලා ඉන්නවා” කියමින් ඔහු කියා සිටියේ මැතිවරණයට පෙර පොදු අපේක්ෂකයා දිනවීමට ආන්ඩුවෙන් මන්ත්‍රීවරුන්  අත්වැල් බැද ගන්නා බවයි.
1503400_752313538187732_5722240034482040530_n