මෛත්‍රිපාලගේ ජය ස්ථිරයි – ලාල් කාන්ත …

0
102

 

lalkantha3.jpgමෙවර මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන්ම පරදින බවත් ජනවාරි 10 වනදා වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපතිවන බව එකාන්ත යැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසයි.
ඔහු මේ බැව් පවසා සිටියේ 2015 ජනවාරි 04 වන දින මීගමුව මුහන්දිරම් පිටියේදි පැවැති ජවිපෙ ප්‍රචාරක රැළියක් අමතමිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සියළුම ඡන්ද ලැබුනද එය ජනාධිපතිවිමට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවත් ඔහු සමගින් සිටින සන්ධානය යනු කිසිදු ඡන්ද පදනමක් නැති බෝඩ් ලැලි සහ මැතිවරණ කාර්යාලයේ ලියාදිංචිය පමණක් ඇති පක්ෂ බවත් අවධාරණය කර සිටියේය.
මේ පසුබිම තුල රටේ ජනතාවගේ පලමු කාර්ය වන්නේ මේ ඒකාධිපති පාලනය හමාර කිරිමත් දෙවනුව මේ රටට යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරිම සදහා පුළුල් එකාබද්ධ වැඩපිළිවෙලක් නිර්මාණය කිරිමට පෙරමුණ ගැනිම බවත් සදහන් කර සිටියේය.