මීගමුව දැන් පවුල් පාලනයෙන් නිදහස් ! සැබෑ ජනතා පාලනයක් ගොඩනැගිමට මුලපුරමු.

0
139

පහත පළවන්නේ 2015 ජනවාරි 05 වෙනිදා ප්‍රකාශයට පත්වු මීපුර පුවත් පතේ කතුවැකියයි.
ජනවාරි 09 වෙනිදා මීගමුවට ඇත්තටම ආදරේ කරන ජනතාව ඉදිරියේ ඇත්තේ ඒ  අභියෝගයයි.
ඒ අභියෝගයට මීගමුවේ බුද්ධිමත් ක්‍රියාශිලි විවිධ තරාතිරම් වල ජනතාව පෙරට නොඑන්නේ මීගමුව අළුතින් ගොඩනැගිමට බැරිවෙනු ඇත.
පසුගිය වසර 12 කාලයක් පුරාවට අප පුවත්පත සහ වෙබ්අඩවිය සියළු තර්ජනයන් හා මර්ධනයන් මැද අන් බොහොමයක් මාධ්‍යයන් නිහඩවේද්දි මීගමුවේ තිත්ත ඇත්ත ජනයා අතරට ගෙන යාමට  තිරණාත්මක මැදිහත්විමක් සිදුකළෙමු.
දැන් අප හමුවේ ඇත්තේ අපගේ මාධ්‍ය මෙහෙවරේ දෙවන අදියරයි.

එබැවින් මීගමුවේ  ඇත්ත ජනතා උවමනාවන් මත පදනම් වන සංවර්ධන සැලැස්මක් ඉදිරියේදි  ගොඩනැගිම වෙනුවෙන් වන සංවාදයට අප අද සිට අපේ මාධ්‍ය මෙහෙවර විවෘත කරමු.
මිපුර පුවත් පත මෙන්ම අපගේ වෙබ් අඩවියද ඒ වෙනුවෙන් විවෘතය.
මීගමුව තුල යළිත් ලොකු හෝ  පොඩි ලංසාලා බිහිවිමට ඇති ඉඩට අප සැම එක්ව තිත තැබිය යුතුව ඇත.

Meepura front page

මීපුර කතුවැකිය( ජනවාරි 2015 )

රට තීරාණාත්මක කඩඉමකට පැමිණ තිබේ.
ඒ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට යවන්නේද රටතුල යළිත් යහපාලනය ස්ථාපිත කරන්නේද යන කරුණයි.
ජනවාරි 8 වෙනිදාට තින්දු වන්නේ රටේ අනාගතයයි.
ලංකාව මැදමුලනෙන් පාලනය වෙද්දි මීගමුව පාලනය වුයේ වැල්ලවිදියෙනි.
රටේ මෙන්ම මීගමුවේද පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මැතිවරණ හරහා සිදුවිමට නියමිත වුවද ඇත්තනේම සිදුවුයේ වෙන එකකි.
ඒ අනුව බහුතරයේ පාලනය වෙනුවට තනිපවුලක පාලනය මෙහිදි ඉදිරියට පැමිණියේය.
මීගමුවවේ මහජන සම්පත් සියල්ල එක් අයෙකුගේ හෝ කිපදෙනෙකුගේ සඛවිහරණය වෙනුවෙන් පමණක් යොදාගැනිම පහුගිය කාලය පුරාම මීගමුව තුල අප අත්දුටිමු.
ජනතාවට සිය විවේකය ගතකරන්නට ඇති උද්‍යාන සියල්ල පැවැතියේ මහජනයාට සිය සංස්කෘතික ජිවිතය ගතකරන්නට නොව කාට හෝ මුදල් හම්බකරගැනිම වෙනුවෙනි.
ක්‍රිඩා පිට්ටනිවල පාලනය පළාත්පලාන නිතියට පවා පිටින්ම යමින් පුද්ගලයන් පිරිසක් වෙත පවරා තිබෙුනේ ඒවායේ සියළු අදායම් ඒ අයට ලැබෙන පරිද්දෙනි.
මීගමුව නගර සභාවට ලැබෙන විදේශ අයෝජන වල ප්‍රතිලාබ සම්බන්ධයෙන් සිදුව ඇත්තේද එයමයි.
නිදහසුනක් ලෙසින් රු ලක්ෂ 400 කට වඩා වැයකරමින් මීගමුව කොටුව පිට්ටනිය අසල ඉදිව ඇති මාළු වෙළද සංකිර්ණයේ පාලනය දේශපාලකයෙකුගේ අභිමතය පරිදි පල්ලියට පවරා පසුව එකි දේශපාලකයාගේ පවුලට භුක්තිවිදිමට ඉඩ සලසා දි තිබේ.
මේ සියල්ල එතරම් ප්‍රබල මහජන විරෝධයක් නැතිවම ඉදිරියටම ක්‍රියාත්මක වුයේ මීගමුවේ විපක්ෂ ක්‍රියාකාරිත්වයද අඩපණව පැවතිම නිසාය.
එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.
විපක්ෂය දැන් ක්‍රියාත්මකය. එහි ක්‍රියාකාරිහු ජවසම්පන්නව සිටිති.
මේ උනන්දුවේ ප්‍රථිඵලය ජනවාරි 09 දාට රටටම මෙන්ම මීගමුවටද ගෙන එනු ඇතැයි සැමගේ බලාපොෙරාත්තුවයි. පැතුමයි.
මීගමුව අළුතින් ගොඩනැගිම ඉන්පසුව අප සැම හමුවේ ඇති අභියෝගයයි.