සුදතුම් පිය ගමනේ අමිහිරි මතකයන් ???

0
90

pope at air port

-කතෝලික මාධ්‍යවේදියෙකු වීම ගැන දැඩි කළකිරීමක් ඇති වුනා…

 

පාප් වහන්සේගේ ලංකාගමනේ නිල කතෝලික පුවත්පත්වල නිල ඡුායාරූප ශීල්පියා. නමුත් හැදුනුම්පත එල්ලගෙන දවස් 3ක් පුරා ගොල්ෆේස් හොටෙල් එකේ මීඩියා රූම් එකට වෙලා අවස්ථාව ලැබෙනකම් බලා හිටියා. නමුත් හැම එකකින්ම මා ප‍්‍රමුඛ කතෝලික මාධ්‍යවේදීන්ව අයින් වෙනවා. අවස්ථාව වෙන අයට යනවා. බැරිම තැන සටන් කරලා බලෙන් හරි අවස්තාවක් ගන්න හිතුවා. එ් මේ විශේෂ අවස්තාවේඡුායාරූප වල ඇති වටිනාකම දන්න නිසා. එ්කට විශාල සහායක් කර්තෘ පියතුමාගෙනුත් ලැබුනා.

නමුත් පියතුමෙක් වන උන් වහන්සෙත් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ චාරයක් නැති නිලධාරීන්ගෙන් නොසෑහෙන්න බැනුම් ඇහුවා. අවසානයේ මට බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සර්ව ආගමික හමුව ආවරණය කිරීමේ ලිස්ට් එකට දැම්මා. එ්ත් ඇතුලට යාම වරප‍්‍රසාද ඇති මාධ්‍යවේදීන් 22 කට පමණයි. අපි 4ක් එලියේ.

එලියෙ හිටියත් ජනාධිපති ආරක්ෂක අංශයේ සහ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කඩප්පුලි කතා, බැනුම් හා එලියට ඇදලා දැමීම් මධ්‍යයේයි.

මාව විතරක්නම් කමක් නැහැ.. ඔන්න කාදිනල්තුමාගේ මීඩියා ටීම් එකවත් එලියට ඇදලා දාලා…

අපි හිටපු රජයට එරෙහිව මාධ්‍ය නිදහස ලබා ගන්න ජීවිත අවධානමේ දාගෙන ඉදිරියෙන්ම සටන් කරපු උන්.. මේ ආණ්ඩුව ආව කියලා වෙනසක් නැහැ වගේ.. අපේ අලුත් ජනාධිපතිවරයාගේ ආරක්ෂ අංශයක් කලින් එක වගේමයි… ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙත් තවම ඉන්නෙ කලින් කටු කන එවුන්ගෙම සෙවනැලි ටිකක්….

පාප් වහන්සේගේ සංචාරය සම්බන්ධව බාර ලොකුම ලොකු පියතුමෙකුට මේ අසාධාරණය ගැන කිවවහම එතුමා කිසි ගානක් නැතුව කියාපි මේ සම්බන්ධව සියලු වගකීම් අපි බාර දීලා තියෙන්නෙ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ඉතින් පාප් වහන්සේගේ මීඩියා එකේ වුනත් මට කරන්න දෙයක් නැහැ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අය තමයි තීරණය කරන්නෙ කියලා…

මට එ් වෙලාවේ කතෝලික මාධ්‍යවේදියෙක් වුන එක ගැන ලැජ්ජාවක් හා කණගාටුවක් ඇති වුනා…. අම්මපා….

කතෝලික පත්තර සියල්ලෙම ටින්කිරි ගාගෙන කටු කන ඡුායාරූපකරණයට අතින් වියදම් කරගෙන මම යනවා.. නමුත් මේ විශේෂ අවස්ථාවට වෙනත් නිල ඡුායාරූප ශිල්පියො.. අපි කැපිලා.. අපි කොටන් අදින්නයි.. වෙන උන් පෙරහර දවසට එන්නයි…..

අදින් පස්සේ කතෝලික පුවත් පත් කිසිවකට මම කරන එක ඡුායාරූපයක් දෙන්නේ නැහැ.. එ් හරකා මැරුවා.. දැන් පෙරහැරේ යන එවුන්ම අදින් පස්සෙ ඇවිල්ලා කොටන් ටිකත් ඇදලා දීපල්ලා….

මම කතෝලික පත්තර වලට ඡයාරූප කරන එකින් සදහටම අයින් වුනා….

මේ දුක අහන්න වෙන කෙනෙක් නැහැ… මාධ්‍යයේම ඉන්න මගේ මිතුරන්ට තමයි මේ දුක කියලා බෙදා ගන්න තියෙන්නෙ….

ආයෙත් මුල හිටන්ම ‘මාධ්‍ය නිදහස’ වෙනුවෙන් සටන් කරන්න වෙන පෙර නිමිති මේ සිද්ධිය යටින් මට පේන්න ගත්තා…