බැසිල්ලාගේ ගැහිලි ගැන මර්වින් කියයි.??? ඇමති ලංසාටත් ගැලවිමක් නැතිවෙයි?

0
42

Mervyn-Silva-1.jpg-300x259බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය පිලිබදව හිටපු රජයේ ඇමතිවරයෙක් විසින් කරන්නට යෙදුන ප්‍රධානතම හෙළිදරව්ව මර්වින් සිල්වා විසින් පසුගිය දිනක සිදුකරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සියල්ල පැමිණිල්ලක්ද වශයෙන් ඉදිරිපත් කරමිනි.
එහිදි ඔහු විසින් මාධ්‍ය ඉදිරියේ බැසිල් රාජපක්ෂට අයත් හෝටල් ගණනාවක් සහ නිවාස ගැනද දිර්ඝ විස්තරයක් සිදුකර තිබුණි.
බැසිල් රාජපක්ෂට ඉතාමත් සමිපව දේශපාලනයේ යෙදුන බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා සහ ඔහුගේ සහචරයන් මේ දිනවල බියෙන් තැතිගෙන ඇතැයි වඩාත් විශ්වාසදායක ලෙසින් අප වෙත වාර්ථා වේ.
විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ රටින්පැන යාමත් නිසා ලංසා ඇතුළු ගෝල පිරිස වඩාත් අසරණ වි ඇත.එපමණක් නොව බැසිල් රාජපක්ෂ පවා දි හෝ දැන් සිය වංචා දුෂණ වසා ගැනිමට මේ දිනවල මෛත්‍රි පාලනයේ ලොක්කන් හමුවිමට කටයුතු කරමින් සිටි.
මෛත්‍රිපාල ජනාධිපතිට සුභපතමින් කඩිමුඩියේ අලවා තිබුණ පෝස්ටරද ඇමති ලංසාගේ බිය කොතරම්දැයි රටටම කියන තවත් අවස්ථාවකි.
මේ පෝසටරය දැකිමත් සමගින් මීගමුවේ ජනතාව තවත් කිපි ඇතැයි අප අමතා කථා කළ එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු පවසා සිටියි.
ඇමති ලංසාගේ වංචා දුෂණ හෙළිකිරිම සදහා පළමු පියවර ලෙසින් මීගමුව පොලිසියට ඊයේ කරන ලද පැමිණිල්ලත් සමගින් අරම්භ කරන ලද ඒ මෙහෙයුම රට තුල ක්‍රියාත්මක දින 100 යේ වැඩපිළිවෙලට සමගාමිව මීගමුවද දින 100 ක් ඇතුලත වෙනසකට ගෙන යන බවට පොරොන්දුවක් ඊයේ මාධ්‍ය අමතා කථා කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත ප්‍රකාශ කර සිටියේය.