ඇත්ගාලේ 30 හැවිරිදි පුද්ගලයෙක් සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දුෂනය කරයි.

0
69

විකෘති කාම ආශාවකින් පෙලෙණ 30 හැවිරිදි පුද්ගලයෙකු තමන්ව ළදරු අවදියේ පටන් සෙනෙහස දක්වා කවා පොවා හැදු වැඩු සිය 70 හැවිරිදි නැන්දා කෙනෙකු දූෂනය කළ තිරිසන් සිදුවීමක් පසුගියදා කොච්චිකඬේ ඇත්ගාල ප‍්‍රදේශයෙන් වාර්තා වන්නට විය. සිය පියාගේ වැඩිමහල් සොහොයුරියක වූ වයෝවෘද්ධ කාන්තාවක් මෙලෙස අවස්ථා දෙකකදී සිය ඥාති පුත‍්‍රයෙකු අතින්  දුෂනයට ලක් වී තිබේ.  වාර්තා වන පිරිදි මෙම පුද්ගලයා රැකියාවක් නොමැති අයෙකි. ඔහු විවාහ වුවත් විවාහක බිරි`ද මේ වන විට ඔහු අතහැර ගොසිනි. දුෂනයට ලක් වූ මෙම කාන්තාවට මේ වන විට සිය දරුවන්ගේ දරුවෝ එනම් මුණුබූරු මිණිබිරියන්ද සිටින තැනැත්තියකි. ඇගේ එක් පුතෙකුගේ නිවස ආසන්නයේ නිවෙසක ඇය තනියම ජීවත් වේ. ඇයව දුෂනයට ලක් කළ ඇගේ මෙම ඥාතී පුත‍්‍රයා බීමත්කම ඉහවහා ගිය අයෙකි.
පසුගිය ජනවාරී 15 වැනිදා රාතී‍්‍ර මෙම පුද්ගලයා මේ තැනැත්තියගේ නිවසට ඇතුඵ වී බලහත්කාරයෙන් ඇයව දුෂනයට ලක් කර තිබේ. ලැජ්ජාව සහ පවුල් අතර ප‍්‍රශ්න ඇති වේ යැයි සිතූ   නිසා ඇය මේ බවක් කිසිවෙක් සමග පවසා නැත. එලෙසම මේ පුද්ගලයා නැවතත් සතියකට පමන පසු මේ තැනැත්තියගේ නිවසට නැවත ඇතු`ඵව ඇයව එදිනද බලහත්කාරයෙන් දුෂනය කර ඇත. එදිනද ඔහු ඉතා දැඩි ලෙස බීමත්ව සිට ඇත. ඒ අවස්ථාවේදීද ඇය මේ බවක් කිසිවෙකුටත් පවසා නැත.
ඉන් පසු ඇයට මේ නිවසේ තනියම කල් ගෙවීමට බිය දැනුනු නිසා ඒ බව සිය පුතෙකුට පවසා ඇත. එහිදී ඇගේ පුතු එලෙ හදිසි වෙනස් වීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර තිබේ.  දීර්ඝ ලෙස කල ප‍්‍රශ්න කිරීමේ දී ඇය සියඵ තතු පුතුට පවසා තිබුණි. ඒ අනුව කොච්චිකඬේ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඇයව දුෂනයට ලක් කල අදාල 30 හැවිරිදි ඥාතී පුත‍්‍රයා අත්අඩංගුවට පත් කර ලබන පෙබරවාරී 09 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එදිනට මෙම සිදුවීමට අදාල නඩු විමසීම සිදුවෙනු ඇත. එලෙසම මෙම තැනැත්තියව මීගමුව රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සදහා යොමු කර තිබිණි.
පොලිස් වාර්තා වලට අනුව   මෙම පුද්ගලයාගේ විවාහක බිරිද ඔහුව ඇතැර ගොස් ඇත්තේ ඔහු තුළ ඇති මෙම අස්වාභාවික තිරිසන් කාම ආශාව නිසා ය. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව කොච්චිකඬේ පොලිසිය වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන බවද වාර්තා වේ.

තුෂාර රොහාන්