දුම්රිය සොරාගත් තවත් කැදැල්ලක්

1
58

ඡායාරූප / එම්.ඉෂෙඩ් සාජහාන් /
ඊයේ  රාගම බටුවත්තේ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරට මුහුණ දුන්නේ   මිගමුව නුගවෙල  හන්දියට ආසන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයන් පිරිසකි. ඔවුන් පුද්ගලික ගමනක පිටත්ව ගොස් නැවත පැමිණෙමින් සිට ඇති එකම පවුලේ මව ,පියා, පුතුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනා එහි  සිටියේය. දුම්රියේ ගැටීමෙන් පියා, සමග පුතුන් දෙදෙනෙකුත් එක් දියණියෙකුත් මිය ගොස් මව සහ තවත් දියණියකගේ ජීවිත බේරිණි.   ඔවුන් රෝහල්ගත කර ඇති අතර මිය ගිය සාමාජිකයන්ගේ දේහයන් ඊයේ සවස වනවිටත් නිවසට ගෙනවිත් නොතිබුණි.
මෙවැනි අනතුරක් එසැණින් සමාජයේ හද ගැස්මට විශාල  කම්පනයක් එකතු කරයි. මියගිය පවුලේ ඥාතීන් ,අසල්වාසීන්, සහ මිතුරන්ට මෙම අහිමිවීම දරාගත නොහැකි වේදනාකාරී මොහොතකි.
වේදනාව පහව ගිය පසු එම වැරැද්ද නිවැරදි කිරීම වෙනුවෙන් අපට කුමක් කළ හැකි ද කියා කිසිවෙකු නැවත හැරී බැලීම  වටී. අප හමුවේ ඇති වගකීමක් ලෙස බාරගනිමින් නැවත මෙවැනි ශෝකාලාප සිදුනොවන්නට අපට කළ හැකි  කුමක්ද කියා හැරී බැලීම සියල්ල අවසානයේ අප හමුවේ ඉතිරි වන එකම එක විසදුමයි. මන්ද අප රටේ සිදුවී ඇති දුම්රිය අනතුරු  ගැන සිහිකල්පනා කර බැලූ විට අපිට සමාජයක් ලෙස එය නිවරදි කරගැනීමට නොහැකි වී තිබීම ගැන අප සියල්ලෝම කණගාටු විය යුතුවන අතර ඒවායේ ප්‍රතිවිපාක නැවත අප කරා කොයි මොහොතක හෝ පැමිණීමට නියමිතය.
එම අනතුර ඊයේ  බටුවත්තේ දී විය හැක . හෙට මීගමුවේදී විය හැක , කොතනදී වුවත් ඒ බොහෝ තැන් රේල් ගේට්ටුවක් නැති තැනක් විය හැක. නැතිනම් සිග්නල් කණුවක් නැති තැනක් විය හැක.
DSC07470DSC07478DSC07475

1 COMMENT

Comments are closed.