‘ මට මැරෙන්න දෙන්නේ නෑ කියූ පසන් අද අප අතැර ගිහින්’ – මාධ්‍ය සගයෙකුගේ මතක

0
105
සතියක් අවසන් වී තවත් සතියක් ආරම්භ වන්නට තිබුනේ පැය කීපයක් පමණි.දවසේ වෙහෙස නිවා දමමින් සුව නින්දක් ලබන්නට පෙර මොහොතක් මුහුණු පොතට එබී බලමින් සිටියේය.
මාගේ ජංගම දුරකථනය නාද විය. “ආරංචිද? පසන් නැති වෙලා…..”එහා කෙළවරේ සිටියේ කලක් අපි සමග “ලක්බිමේ” එකට සිටි චමින්ද සේනාරත්නය.චමින්ද – පසන් දෙදෙනා මාධ්ය අත් පොත් තබන්නේ එකටය.ඒ ලක්බිම දිනපතා පත්තරෙන්ය. “බොරු නොකියා හිටපං.ඌට කොහෙ මැරෙන්න වයසක්ද?…..”මම කියා සිටියේය.“නෑ අයියේ කථාව ඇත්ත. බයිසිකලේ යන කොට වැටිලා කියලා කියනවා.කොහොම වුනත් පසන් නැති වෙලා…..”සහෘද මාධ්යි සගයා වචන පටලවමින් කියා සිටියේය.
මුහුණ පොතේ ගැවසෙමින් සිටි අරවින්ද රත්නායකත්,දර්ශි අතපත්තු දෙන්නාත් මේ ආරංචි ගැන විමසා සිටියාය.නමුත් මට යමක් පවසන්නට තරම් සවියක් නොවීය.
නිදි මත මෙන්ම වෙහෙසද නැතිවී ගියේය.මම නැවතත ජංගම දුරකථන අතට ගත්තේය.ගාල්ල පැත්තේ ඉන්න දන්න කියන මාධ්ය සගයින් කීප දෙනෙකුට කථා කළේය.ඒ අතර ක්රිතෂ්ණා විජේබණ්ඩාර මහතාද විය.“මටත් මේ දැන් තමයි ආරංචි වුනේ…හොයලා බලලා උත්තරයක් කියන්නම්…..”ක්රි ෂ්ණා කියා සිටියේය.
එදින මා රැය පහන් කලාද?එසේත් නැත්නම් පුරුද්දට පහන් වුවාද යන්න නොදන්නේය.09 වැනිදාට එළිට වැටෙන්නට තවත් පැය කීපයක් විය.නැවතත් දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.වෙනත් දිනවලදී හිමිදිරියේම විවිධ ප්ර.වෘත්ති ලැබෙන මාගේ දුරකථනයට එදා ලැබෙන එකම ආරංචිය පසන් මිතුරාගේ වෙන්වීමය.
09 වැනිදා අළුයම සිට මුහුණු පොතට එක්වන ආරංචි වලින් වැඩි කොටසක් වෙන්වී තිබුනේ පසන් මිතුරායට.
පසන් මට මුලින්ම මුණ ගැසුනේ ලක්බිම පත්තර කන්තෝරුව තුළදීය.“ජුඩ් මේ පසන් රාමවික්රමම.අළුත් කොල්ලෙක්.වැඩක් කරන්න පුළුවන් වාගෙයි….” එදා ක්රිරෂ්ණා විජේබණ්ඩාර ජේෂ්ඨ මාධ්ය් සගයා කියා සිටියේ.එතැන් පටන් ඉඳ හිට පසන් මට හමු වුනේය.ඒ ලක්බිම කන්තෝරුවේදී.හමුවීම හවස් වරුවක නම් “අයියේ මොනවා හරි කරලම ගෙදර යමු නේද….”පසන් යෝජනා කරන්නේය.අපි මාධ්යර සගයින් කීප දෙනෙකු එකට එකතුවී පසන්ගේ යෝජනවා ක්රි යාත්මක කරන්නේය.
මීට වසරකුත් මාසයකට පමණ පෙර දිනක කොළඹ පැවති මාධ්යට වැඩ මුළුවක් අවසානයේ රැය පහන් කරන්නට බම්බලපිටිය සමුපාකාර මන්දීරයට පැමිණ සිටි විට පසන් පැමිණ සිටියේය.කිසිවෙකු නොසිතූ ලෙස මා එදා රෝගී විය.එහි සිටි පිරිස අතරින් අරවින්ද රත්නායකත්,පසන් රාමවික්රනම මාධ්යඅ සගයාත් මා කැටුව පුද්ගලික රෝහලක් කරා ගියේය.පසන් මා සම වයසේය.නමුත් ඔහු කිසි දිනක මට “මචං”කියා කථා කර නැත.කට පුරා කථා කළේ “අයියේ” කියාය. ඒ නිසාම මමද ඔහුට “මල්ලි”කියා ඇමතුවෙමි.“අයියේ උඹට අපි මැරෙන්න දෙන්නේ නෑ.ඔහොම හිටපං….”අරවින්දගේ මෝටර් රථයේ පිටුපස අසුනට වී මා ලමැද ඔහු පිරි මැද්දේය.මට මැරෙන්න දෙන්නේ නෑ කියූ පසන් අද අප අතහැර ගොස් ඇත.
පසන් මා හමුවූ සෑම අවස්ථාවකම පැවසූ දෙයක් ඇත.“අයියේ මේ වැඩේ හැමදාම කරන්න බැහැ.අපි අනුගේ දුක ලියනවා විතරයි.අපිට මොකක් හරි කරදරයක් වුනොත් බලන්න කෙනෙක් නැහැ.එදාට ගෑණියි දරුවොයි අසරණ වෙනවා.ඒ හින්දා මොකක් හරි කරන්න බලපං…..”ඔහු කියා සිටියේය.නමුත් පසන්ගේ පැතුම ඉටු වන්නට පෙර ඔහු අපෙන් නික්ම ගියේය.
මධ්යග සගයින්ට එල්ලවූ විවිධ තර්ජන ගර්ජන නවත්වන ලෙස අප විසින් සංවිධානය කර කොළඹදී පැවැත්වූ විරෝධතාවයට පසන් පැමිණ සිටියේය. විරෝධතාවයේ සංවිධාන කටයුතු හේතුවෙන් ඒ වන විට මම,කාන්චන මෙන්ම රෝහණද වෙහෙසට පත්වී සිටියේය.“හොඳ වැඩක් අයියේ.නවත්වන්න එපා.මේ වාගේ දේවල් දැනේන්න අපි කරන්න ඕනේ.ඇයි අපි ඉන්නවා කියලා අනිත් අයටත් පෙන්නන්න ඕනේ.”ඔහු කියා සිටියේය.
ජනවාරි 06 වැනිදා කොළඹ පැවති ලසන්ත වික්රහමතුංග ඇතුළු මාධ්යන සගයින් සිහි කිරීමේ අවස්ථාවටත් පසන් පැමිණ සිටියේය.ඒ ඔහු මට හමුවූ අවසන් අවස්ථාව විය.වැඩ සටහන ආරම්භ වන්නට පෙර කොටුව දුම්රිය පොල අද්දර පිහිටි තේ කඩයකට ගොඩවැදුණු මම – පසන් දෙදෙනාම තේ කෝප්පයක රස බැළුවේය.“මට නම් දැන් ඇති වෙලා ඉන්නේ අයියේ…..”කළ කිරුණු හඬින් පසන් කියා සිටියේය.තවත් මොන මොනවදෝ පසන් කියා සිටියත් ඒ සියල්ල මට මතක නැත.මන්ද ඔහු සැමදා පවසන්නේ අපෙන් පස්සේ මේක (මාධ්ය කටයුතු) බාර ගන්න එන අයට හොඳ තැනක් හදලා දෙන්න උත්සහ කරමු කියන දෙයයි.
පසන් අපෙන් සමු ගන්නට පෙර එය කරන්නට අපට නොහැකි විය.මන්ද මේ තරම් ඉක්මනට ඔහු අප අතහැර යාවි යන විශ්වාසය අප කිසිවෙකු තුළ නොතිබුණු නිසාය.නමුත් නොසිතූ දේ සිදුවන මේ ලොව තුල එය සිදු වී ඇත. කිසිවෙකු නොසිතූ අයුරෙන් පසන් අප හැර ගොසිනි.
දයාබර පසන්,ඔබ වෙනුවෙන් මා කරන මේ සටහනට විවින් විට බාධා එල්ල වන්නේය.ඒ ඔබ ගැන විමසමින් රට වටේ සිටින මාධ්යන සගයින් අසන ප්ර්ශ්ණ වලට පිළිතුරු දිය යුතු නිසාවෙනි.
අවසන් කොට මම මෙසේ කියමි.ඔබ මෙතරම ඉක්මනින් අප හැර යන්නට කිසි දිනක නොසිතන්නට ඇත.ඔබ අප හැර ගිය බව බොහෝ දෙනෙකුට වැඩි දවසක් මතකයේ නොරැදෙණු ඇත.ඒ අපේ මිනිස්සුන්ගේ හැටි නිසාය.නමුත් ඔබ ප්රාතර්ථනා කළ ලොව දිනන්නට අපි හෙට දිනයේ උත්සහ කරන්නෙමු. ඔබත් සිටින තැනක සිට අප හා එක්වන්න.එවිට ඔබ හැමදාමත් අප සමග සිටින බව අපට හිතා ගැනීමට අපහසුවක් නොවනු ඇත.
සහෘද මාධ්යී සගය.හිතවත් පසන් රාමවික්ර ම.මා ඔබට නිවන් සුව නොපතමි. මන්ද තවත් වරක් නොව කීප වරක් අප අතරම ඉපිද මාධ්ය මෙහෙවරක යෙදෙන්නට ඔබට හැකි විය යුතු නිසාය.මා මාගේ මාධ්යෙ සගයාට සුව නින්දක් පමණක් ප්රඔර්ථනය කරමි.
ජුඩ් සමන්ත
සතියක් අවසන් වී තවත් සතියක් ආරම්භ වන්නට තිබුනේ පැය කීපයක් පමණි.දවසේ වෙහෙස නිවා දමමින් සුව නින්දක් ලබන්නට පෙර මොහොතක් මුහුණු පොතට එබී බලමින් සිටියේය.

මාගේ ජංගම දුරකථනය නාද විය. “ආරංචිද? පසන් නැති වෙලා.....”එහා කෙළවරේ සිටියේ කලක් අපි සමග “ලක්බිමේ” එකට සිටි චමින්ද සේනාරත්නය.චමින්ද - පසන් දෙදෙනා මාධ්ය  අත් පොත් තබන්නේ එකටය.ඒ ලක්බිම දිනපතා පත්තරෙන්ය. “බොරු නොකියා හිටපං.ඌට කොහෙ මැරෙන්න වයසක්ද?.....”මම කියා සිටියේය.“නෑ අයියේ කථාව ඇත්ත. බයිසිකලේ යන කොට වැටිලා කියලා කියනවා.කොහොම වුනත් පසන් නැති වෙලා.....”සහෘද මාධ්යි සගයා වචන පටලවමින් කියා සිටියේය.

මුහුණ පොතේ ගැවසෙමින් සිටි අරවින්ද රත්නායකත්,දර්ශි අතපත්තු දෙන්නාත් මේ ආරංචි ගැන විමසා සිටියාය.නමුත් මට යමක් පවසන්නට තරම් සවියක් නොවීය.

නිදි මත මෙන්ම වෙහෙසද නැතිවී ගියේය.මම නැවතත ජංගම දුරකථන අතට ගත්තේය.ගාල්ල පැත්තේ ඉන්න දන්න කියන මාධ්ය  සගයින් කීප දෙනෙකුට කථා කළේය.ඒ අතර ක්රිතෂ්ණා විජේබණ්ඩාර මහතාද විය.“මටත් මේ දැන් තමයි ආරංචි වුනේ...හොයලා බලලා උත්තරයක් කියන්නම්.....”ක්රි ෂ්ණා කියා සිටියේය.

එදින මා රැය පහන් කලාද?එසේත් නැත්නම් පුරුද්දට පහන් වුවාද යන්න නොදන්නේය.09 වැනිදාට එළිට වැටෙන්නට තවත් පැය කීපයක් විය.නැවතත් දුරකථනය නාද වන්නට පටන් ගත්තේය.වෙනත් දිනවලදී හිමිදිරියේම විවිධ ප්ර.වෘත්ති ලැබෙන මාගේ දුරකථනයට එදා ලැබෙන එකම ආරංචිය පසන් මිතුරාගේ වෙන්වීමය.

09 වැනිදා අළුයම සිට මුහුණු පොතට එක්වන ආරංචි වලින් වැඩි කොටසක් වෙන්වී තිබුනේ පසන් මිතුරායට.

පසන් මට මුලින්ම මුණ ගැසුනේ ලක්බිම පත්තර කන්තෝරුව තුළදීය.“ජුඩ් මේ පසන් රාමවික්රමම.අළුත් කොල්ලෙක්.වැඩක් කරන්න පුළුවන් වාගෙයි....” එදා ක්රිරෂ්ණා විජේබණ්ඩාර ජේෂ්ඨ මාධ්ය් සගයා කියා සිටියේ.එතැන් පටන් ඉඳ හිට පසන් මට හමු වුනේය.ඒ ලක්බිම කන්තෝරුවේදී.හමුවීම හවස් වරුවක නම් “අයියේ මොනවා හරි කරලම ගෙදර යමු නේද....”පසන් යෝජනා කරන්නේය.අපි මාධ්යර සගයින් කීප දෙනෙකු එකට එකතුවී  පසන්ගේ යෝජනවා ක්රි යාත්මක කරන්නේය.

මීට වසරකුත් මාසයකට පමණ පෙර දිනක කොළඹ පැවති මාධ්යට වැඩ මුළුවක් අවසානයේ රැය පහන් කරන්නට බම්බලපිටිය සමුපාකාර මන්දීරයට පැමිණ සිටි විට පසන් පැමිණ සිටියේය.කිසිවෙකු නොසිතූ ලෙස මා එදා රෝගී විය.එහි සිටි පිරිස අතරින් අරවින්ද රත්නායකත්,පසන් රාමවික්රනම මාධ්යඅ සගයාත් මා කැටුව පුද්ගලික රෝහලක් කරා ගියේය.පසන් මා සම වයසේය.නමුත් ඔහු කිසි දිනක මට “මචං”කියා කථා කර නැත.කට පුරා කථා කළේ “අයියේ” කියාය. ඒ නිසාම මමද ඔහුට “මල්ලි”කියා ඇමතුවෙමි.“අයියේ උඹට අපි මැරෙන්න දෙන්නේ නෑ.ඔහොම හිටපං....”අරවින්දගේ මෝටර් රථයේ පිටුපස අසුනට වී මා ලමැද ඔහු පිරි මැද්දේය.මට මැරෙන්න දෙන්නේ නෑ කියූ පසන් අද අප අතහැර ගොස් ඇත.

පසන් මා හමුවූ සෑම අවස්ථාවකම පැවසූ දෙයක් ඇත.“අයියේ මේ වැඩේ හැමදාම කරන්න බැහැ.අපි අනුගේ දුක ලියනවා විතරයි.අපිට මොකක් හරි කරදරයක් වුනොත් බලන්න කෙනෙක් නැහැ.එදාට ගෑණියි දරුවොයි අසරණ වෙනවා.ඒ හින්දා මොකක් හරි කරන්න බලපං.....”ඔහු කියා සිටියේය.නමුත් පසන්ගේ පැතුම ඉටු වන්නට පෙර ඔහු අපෙන් නික්ම ගියේය.

මධ්යග සගයින්ට එල්ලවූ විවිධ තර්ජන ගර්ජන නවත්වන ලෙස අප විසින් සංවිධානය කර කොළඹදී පැවැත්වූ විරෝධතාවයට පසන් පැමිණ සිටියේය. විරෝධතාවයේ සංවිධාන කටයුතු හේතුවෙන් ඒ වන විට මම,කාන්චන මෙන්ම රෝහණද වෙහෙසට පත්වී සිටියේය.“හොඳ වැඩක් අයියේ.නවත්වන්න එපා.මේ වාගේ දේවල් දැනේන්න අපි කරන්න ඕනේ.ඇයි අපි ඉන්නවා කියලා අනිත් අයටත් පෙන්නන්න ඕනේ.”ඔහු කියා සිටියේය.

ජනවාරි 06 වැනිදා කොළඹ පැවති ලසන්ත වික්රහමතුංග ඇතුළු මාධ්යන  සගයින් සිහි කිරීමේ අවස්ථාවටත් පසන් පැමිණ සිටියේය.ඒ ඔහු මට හමුවූ අවසන් අවස්ථාව විය.වැඩ සටහන ආරම්භ වන්නට පෙර කොටුව දුම්රිය පොල අද්දර පිහිටි තේ කඩයකට ගොඩවැදුණු මම - පසන් දෙදෙනාම තේ කෝප්පයක රස බැළුවේය.“මට නම් දැන් ඇති වෙලා ඉන්නේ අයියේ.....”කළ කිරුණු හඬින් පසන් කියා සිටියේය.තවත් මොන මොනවදෝ පසන් කියා සිටියත් ඒ සියල්ල මට මතක නැත.මන්ද ඔහු සැමදා පවසන්නේ අපෙන් පස්සේ මේක (මාධ්ය  කටයුතු) බාර ගන්න එන අයට හොඳ තැනක් හදලා දෙන්න උත්සහ කරමු කියන දෙයයි.

Like