බාල්දි පිට්ටනියේ අස්සයා පැන ගොස් අවසන් ??

0
104

මීගමුව වැල්ලවීදියේ පිහිටි බාල්දි පිට්ටනියට බොරලු පිරවීම සදහා ලක්ෂ 17 කට අධික මුදලක් වැයවී ඇත්ද යන්න කාරණාව ගැන  දැන් නගරයේ ජනතාව මෙන්ම  මෙන්ම මීගමුව මහ නගර සභාවේ ද කතාබහට ලක්වී ඇති මාතෘකාවකි. මෙම පිට්ටනියට ඒ තරම් මුදලක බොරලු පිරවීමට අවශ්‍ය වුවත් එය පුරවා තිබෙනවා ද යන්න දැනගැනීමට වශ්‍යනම් අපි මේ වන විට ජායාරූප වලින් තහවුරු කර ඇත.  මෙතරම් මුදලක් බොරලු පිරවීම සදහා අනුමැතිය ලබාගෙන ඇත්තේ  වර්තමාන මුදල්  කාරක සභාවේ නොවන බව ද අපට දැන් පැහැදිලිය.
2014 ජනවාරි 22 වනදා මී.න.ස කොමසාරිස්වරයා විසින් අනුමත කළ මුදල 2013 වසරේ හෝ 2012 වසරේ මහ නගර සභා රැස්වීමකදී ද අනුමත වී ඇත. එහිදී කිසිවෙකුත් මෙය ප්‍රශ්න කළාද එයට විරුද්ධව හඩක් නැගුවා ද, නැතිනම් නොපැමිණ සිටියා ද අප දන්නේ නැත. නමුත් අපට කිවහැක්කේ මෙයයි. මෙම බොරළු කොන්ත්‍රාත් එක ද දෙන්නට ඇත්තේ නිමල් ලාන්සා අමාත්‍යවරයාගේ ප්‍රධාන බොරලු සපයන්නා වන ”බොරලු සමන්තට” විය හැක.
එබැවින් එම 17 80 947 ක මුදලින් බොරළු , බාල්දි පිට්ටනියට බෑවාද  යන්න දන්නේ බොරලු සමන්ත සහ ආන්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරුත් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු පමණක් විය හැක.
මෙවැනි දේ ගැන මෙතරම් පමාවී  සොයාබැලීම හා ඒ ගැන වගවිභාග කරන්නට සිදුවීම ගැන මීගමුව මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායමද වගකිවයුතු වන අතර මීගමුව ජනතාවට මෙවැනි ක්‍රියා ගැන අවශ්‍ය නම් පරීක්ෂණයක් ඉල්ලා අදාළ ආයතන වෙත දැනුම් දිය හැක.

සබැදි පුවත් –     බාල්දි ක්‍රීඩාංගනයට බොරළු පිරවීමට ලක්ෂ 17 ක් ?

IMG_4954-3 IMG_4957-5 IMG_4960-6

IMG_6730