ගැඹුරු මුහුදේදී අකුණක් වැදී බෝට්ටුවක් මුහුදුබත් වේ

0
171
ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ.

දින කීපයකට පෙර ධිවරයන් පිරිසක් මුහුද මැද දි  අකුණක් වැදී ගැඹුරු මුහුදේදී
අනතුරකට ලක් වි ඇති බව වාර්තා වේ.
කටුනේරියේ පදිංචි සිරිල් නමැති ධිවරයෙකුට අයත් මෙම බෝට්ටුව අනතුරට ලක්වී ඇත්තේ පාන්දර 2 ට පමණය.  ඔහුට අයත්  බෝට්ටු 2ක් ඒ දින ධිවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇත.  ධිවර  කටයුතු නිමා වි නැවත එන විට පාන්දර 2ට එක් බෝට්ටුවකට අකුනු සැර වැදි බෝට්ටුවේ යට ගිනි ගෙන සම්පුර්ණම බෝට්ටුව මුහුදූ බත් වි ඇත. පසුව අනිත් බෝට්ටුවේ ධිවරයන් වතුරට පැන එම  ධිවරයන්ව බෙරා ගෙන  එම බෝට්ටුවේම ගොඩට රැගෙන විත්  ඇත.
බෝට්ටුවේ අලාභය ලක්ෂ හැටක් පමණ වන බව වාර්තා වන අතර  කිසිදූ ජිවිත අනතුරක් සිදුවී නොමැත. මෙම බෝට්ටුවේ නම ‘සින්දාත්‍රි’ නම් වේ.

ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ.
ඡායාරූපය සිදුවීමට අදාළ නොවේ.