පවුලක්ම ඝාතනය වූ නයිනමඩම නිවසේ තවත් මුරකරුවෙකු මිය යයි

0
469
ඡායාරූපය- චන්දන ප්‍රනාන්දු

චන්දන ප්‍රනාන්දු /
මෙයට මාස එකහාමාරකට පෙර නයිනමඩම එකම පවුලේ හතරදෙනෙකු ඝාතනය කළ නිවසේ අරක්ෂාවට සිටි මුරකරුවෙකු එම නිවසේ පිහිටි භුමියේ තිබු අත්හැර දමන ලද පොල්ලෙලි වළක මාළු ඇල්ලීම සඳහා දැලක් එලමින් සිටියදී අද (16දා) දහවල් ගිලී මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.
පසුගිය ජනවාරි පළමුවෙනිදා එකම පවුලේ සිවුදෙනා ඝාතනය කර දමා තිබුණේද මෙම අත්හැර දමන ලද පොල්ලෙලි වලේ බව පොලිසිය පැවසීය

මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය එතලව ප්‍රදේශයේ පදිංචි ආර්. හේමපාල නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකි.

සිවු පුද්ගල ඝාතනයෙන් පසු එම නිවසේ හිමිකරුවන්ගේ ඥාතීන් විසින් මුරකරුවන් දෙදෙනෙකු අරක්ෂාවට යොදවා සිට ඇති බවත්, ඉන් එක් මුරකරුවෙකු මෙසේ එම පොල්ලෙලි වළේ ගිලී මියගොස් ඇතැයිද පොලීසිය කියයි.

ඡායාරූපය-  චන්දන ප්‍රනාන්දු
ඡායාරූපය- චන්දන ප්‍රනාන්දු