මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ඇමති ලංසාත් හෙට නුගේගොඩට..??

0
65

එළැඹෙන මහ මැතිවරණයේදී සන්ධානයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජක්‍පෂ මහතා නම් කල යුතු යයි බල කරමින් හෙට දිනයේ නුගේගොඩ පැවැත්වෙන ජනතා රැළිය සඳහා සහභාගී වීමට බන්නාහිර පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රි කණ්ඩායම තීරණය කර තිබෙන බැව් විමල් වීරවංසට අයත් සි නිව්ස් වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කර තිබේ.

ඊයේ පස්වරුවේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර ඊට සහභාගී වූ මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සහභාගී වීම හෝ නොවීම ගැන කිසිත් නොකියා පක්‍ෂයේ තීරණයට ගරු කල යුතු වුවත් තමන්ද හෘද සාක්‍ෂියක් සහිත මිනිසෙකු බව ඉතා හැඟීම්බරව කියා ඇති බවද එහි වැඩිදුරටත් සදහන්ය.
මේ අතර මීගමුවේ දේශපාලන උනන්දුවක් සහිත ජනයා බලාසිටින්නේ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා හෙට කරන්නේ මොනවාදැයි කියාය.
nimal_lanza_act