”කොකෝ බීච්” නයිට් පාර්ටි වලට ප්‍රදේශවාසීන්ගේ විරෝධය

0
66
    මීගමුව පළඟතුර ප්‍රදේශයේ පවත්වාගෙන යන සංචාරක හෝටලයක් වන කොකෝ බීච් හෝටලයේ රාත්‍රී සිට පාන්දර වනතෙක්  පවත්වන සංගීත් සැනකෙලි නිසා එම හෝටලය අවට ප්‍රදේශවාසින් අපහසුතාවයකට ලක්වන බව අප වෙත වාර්ථා වේ.එම හෝටලය මෑතකදී ආරම්භ කල එකක්  වන අතර මෙම හෝටලය අවට ජීවත්වන්නේ ධීවර පවුල්ය.  ධීවරයින් පාන්දර තම රැකියාවට යෑමට වේලාසන නින්දට යයි. නමුත් මෙම සංගීත සැනකෙලි වල ඝෝෂාකාරී  අධික ශබ්දය හේතුවෙන් ඔවුන්ට නිසියාකාරව නින්දක් නොමැති බවත් මෙ ඔවුන්ගේ දෛනික ජීවිතයට මහත් කරදරයක්  බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසති. මේ සම්බන්ධයෙන් මීට ඉහතදී එක් වතාවක් මේ පිළිබ්ඳව මීගමුව පොලීසියට පැමිණිලි කර ඇත.  පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් පියවර ගෙන මෙය නවත්වා ඇත.නමුත් නැවතත් මෙම ක්‍රියාදාමය සිදුවන බව ප්‍රදේශවාසීන් පවසති.10686700_1482302518704490_3389392251160315936_ncunnamed