කුණු කසල එකතු කරන සේවකයින් දෙදෙනෙකුට ගම්වාසීන් පහරදෙයි

0
21

අද පෙරවරුවේ  දී මීගමුව පෙරියමුල්ලේ යෝන් වීදියේ කුණු කසල එකතු කිරීමට ගිය සේවකයන් දෙදෙනෙකු පහරකෑමට ලක්වීමට සිදුවී තිබේ. එම ප්‍රදේශවාසීන්ට කුණු කසල වෙන්කර දමන ලෙස මෙම කම්කරුවන් දැනුම් දී ඇති අතර  එයට එම ජනතාව විරෝධය දක්වා ඇත. එම අවස්ථාවේදී මෙම පහර දීම සිදුකර ඇති බව වාර්තාවේ.  මේ වනවිට පහර කෑ එක් කම්කරුවෙකු මීගමුව රෝහලට ඇතුළත් කර   තිබේ.   DSC_0852