ෆේස් බුක් හබයක් නිසා මීගමුවේ මාධ්‍යවේදියෙකුට පහර දිලා…

0
74

11003998_871059579583301_203629158_nමුසාඩීක් මුජීබ්  නවමනී පුවත්පතෙහි මීගමුව වාර්ථාකරුය,ඔහු යම් පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයකට  හා තර්ජනයට  ලක්වී ඇත්තේ පසුගිය සදුදා දින පස්වරු 7.30ට පමණය.
ඒ මීගමුව හා ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදීය.
මෙසේ මොහුට පහරදී තර්ජනය කරමින් පවසා ඇත්තේ ඔහුට නැවත පාරේ  ගමන් කිරීම තහනම් බවයි.  මේ සම්බන්ධයෙන්   මුජීබ් විසින් පසුගිය 19 (බ්‍රහස්පතින්දා ) දින  මීගමුව පොලීසියේCIB 356/362 පැමිණිල්ලක් කර තිබේ.

මෙම පහරදීම කර තිබෙන්නේ ඔහුගේ අසල්වැසියෙකු වන අතර  බව මුජීබ් බවසයි.
මෙසේ පහරකැමට හෙතුවී තිබෙන්නේ ෆේස් බුක් සම්බන්ධ සිදුවිමකි.
ෆේස් බුක් හී ජවාඩ් මොහොමඩ් නමින් ගිනුමක් අරඹමින් එම ගිනුමෙන් පැමිණෙන පුද්ගලයා විසින් මුසාඩීක් මුජීබ් නම් මාධ්‍යවේදියාගේ අසල්වැසි නිවසෙහි පදිංචි අසල්වැසියා හා ඔහුගේ මස්සිනා ට ඔහුගේ බිරිඳ සම්බන්ධ කරගෙන අශෝබන ලෙස පනිවිඩ එවා ඇත.

මෙම සිදුවීම කලක් තිස්සේ සිදුවීමෙන්  පසුව  ෆේස්බුක් පිටු  පරික්ෂා කරන අතරතුර මුසාඩික් මුජීඩ් නමින් ගිණුමකින් ජවාඩ් මොහොමඩ්ට සහය පල කරමින් කොමේන්ට්ස් දමා තිබෙන බව දැක ඇත.  මෙම සිදුවීම නිසා කෝපවී එම අසල්වැසියා සහ ඔහුගේ මස්සිනා  විසින් තමන්ට  පහරදුන් බවත්, ඔහුගේ   හිසට ද තද පහරක් එල්ලවවූ බවත් මුජීබ් පවසයි.

අන්තර්ජාලය තුල නීති විරෝධී සිදුවීම් සිදුවිය හැක.  විශේෂයෙන්ම ෆේස්බුක් හා සමාජ ජාල තුළ මෙවැනි ව්‍යාජ ගිණුම් සදාගෙන මෙවැනි වැඩ සිදුකල හැකිය. නමුත් මෙම රැවටීම් වලට අසුවන පුද්ගලයා නිවැරදිව  මෙය සොයා බලා මේ පිලිබඳ නීතීමය පියවරක් ගැනීමට ඔහුට හැක.
නිවරදි  පුද්ගලයෙකුට පහර දීමටද නොහැක.
ඔහුට තර්ජනය කොට පවසා ඇත්තේ නැවත මගතොට දුටුවහෝත් පහරදෙන බවයි.මේ වන විට ඔහුගේ එදිනෙදා ජිවිතය හා වෘත්තිය කරගෙන යැමට අපහසු වී ඇති බව ඔහු පවසයි.
මුජීබ්  පවසන්නේ මෙම සිදුවීම ඔහුගේ පුද්ගලික ජීවතයට අපහාසයක් මෙන්ම හරිහැරයක් බවයි. මෙයට ඔහුගේ කිසිම සම්බධයක් නැති බවත් ඔහුගේ නමින් ඇති මේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම පිළිබඳ පොලීසියට හා තාක්ෂනික ආයතන වලට දන්වා ඇති බව ද තවදුරටත් ඔහු පවසයි. මෙම ගැටලුව නිසා ඔහුට ආරක්ෂාව ලබාදීමට පොලීසියද මැදිහත් වී ඇත.පමණක්ද නොව තවත් අවස්ථාවකදි ද මෙසේ මුස්ලිම් ජාතිකයෙකුගේ තර්ජනයට ලක්ව ඇත.
යාපනේ සිට අවානම් ඒ විදියට ඉන්නවා යැයි කියමින් මෙසේ තර්ජනය කර ඇත.
මීගමුවේ නවමනි මාධ්‍යවේදියාට එල්ලව ඇති මේ තර්ජනයන් සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධානවල අවධානය යොමුව තිබේ.