පාරිභෝගිකයන් රැසක් අමාරුවේ දැමූ ෆුඩ්සිටි වල

0
38

මේ දිස්වන්නේ වෙන්නප්පුව නගරයේ ඇති ෆුඩ් සිටිය ඉදිරිපිට දමා  ඇති කොන්ක්‍රීට් කැටයක් අබලන්වී ඇති ආකාරයයි. පසුගිය සතියේම මෙම වලට වැටී කකුල් උලුක් කරගත් පාරිභෝගිකයින් මෙන්ම ටයර් ඩැමේජ් කරගත් වාහන ද එමටය. මෙම අබලන්වූ කොන්ක්‍රීට් කැටය නිසා අනතුරු සිදුවෙන විට පාරිභෝගිකයින් ෆුඩ් සිටියේ මුරකරුවන් හට මෙය පැමිණිලි කළහ. එහෙත් ඔවුන් අසරණය.
ඇත්තම මෙය පිළිසකර කළ යුතුව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.පසුගිය දිනක මීගමුව කාර්ගිල්ස් සුපිරි වෙළද සැලකද මෙවැනිම කාණු කැය ප්‍රශ්ණයක් මතුව තිබුණද එය නිසි අයුරින් පිළිසකර කරන්නට මීගමුව මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු නොකළ තත්වයක් තුල ඒ ගැන අප වෙබ් අඩවියේ පළකිරිමෙන් පසුව පමණක් කඩිනමින් එය පිළිසකර කර තිබුණි.
ලංකාව තුල යහපාලනය යනු ඇගිල්ලෙන් ඇසට ඇන පෙන්වා ලබාගත යුතු අයිතියක් බැව් යළි යළිත් මතක් කර දෙමින් තිබේ.
ෆුඩ් සිටියේ කළමනාකරුවන් තම පාරිහෝගිකයන් පත්ව ඇති අසිරුතාව මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතිදැයි අප නොදනිමු. 10418987_10205959453046460_8249694232175182121_n 10995932_10205959443326217_1781955329118573493_n