”චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්‌.”අසංක ගුරුසිංහ

0
66

asanga guruඅසංක ගුරුසිංහ 96 ලෝකකුසලාන ජයග්‍රහණයේ දැවැන්ත පවුරකි.මෙවර කණ්ඩායම එදා කණ්ඩායමට පසු බිහිවූ හොඳම කණ්ඩායම බවත් හෙතෙම පවසයි.

ලබන 18 වැනිදා පැවැත්වෙන අර්ධ අවසන් පුර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කිරීමට ශ්‍රී ලංකා සංයුතිය හොඳින් ගැළපිය යුතු බව කියන ගුරුසිංහ තමා තෝරන කණ්ඩායම ගැනද සඳහන් කරයි. “මම හිතන්නෙ දකුණු අප්‍රිකානු තරගයට ඉදිරිපත් කරන්න ඕන හොඳම කණ්‌ඩායම තමයිඅපි ස්‌කොට්‌ලන්තය සමග තරගයට ක්‍රීඩා කළේ. හැබැයි ඒ කණ්‌ඩායමට සීකුගේවෙනුවට රංගන හේරත් පැමිණිය යුතුයි.

මම තේරීම් කමිටු සභාපතිවරයා නම් මගේකණ්‌ඩායම තමයි ඒක. චමීර දුෂ්මන්ත ඉතාමත් හොඳ වේග පන්දු යවන්නෙක්‌. හැබැයිඔහුට අනිවාර්යයෙන් දකුණු අප්‍රිකානු තරගයේදී ස්‌ථානය දිය යුතුයි. මොකද වේගපන්දු යවන්නෙක්‌ ළඟ තිබිය යුතු පන්දු සංකලනයක්‌ මම ඒ ළමයගෙන් දැක්‌කා.

හැබැයි දුෂ්මන්තට පිතිකරුවන් ලකුණු ටිකක්‌ ගහයි. නමුත් එයා හොඳ කඩුලුටිකක්‌ කණ්‌ඩායමට අරන් දෙයි කියල මට විශ්වාසයි. ඒ නිසා දකුණු අප්‍රිකානු තරගයට තිලකරත්න ඩිල්ෂාන්, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්‌කාර, මහේලජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, කුසල් පෙරේරා, තිසර පෙරේරා, රංගන හේරත්, නුවන්කුලසේකර, ලසිත් මාලිංග සහ චමීර දුෂ්මන්ත ක්‍රීඩා කළොත් කණ්‌ඩායම සමබරයිකියල මම විශ්වාස කරනවා. පන්දු රැකීම අපි තවත් දියුණු කර ගත යුතුයි. “96 ටපස්‌සෙ මම දැකපු හොඳම ලෝක කුසලාන කණ්‌ඩායම තමයි මේක.”
http://sinhala.sritvnews.lk