ඇන්ඩ්‍රියෝ රූෆස් කියන්නේ තුඩැල්ල ට්රයිස්ලින් විද්‍යාලයේ අධ්‍යානය හදාරන 12 හැවිරිදි කුඩා දරුවෙක්. විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකු ලෙසින් හදුනාගෙන ඇති මේ දරුවා, වෙනත් දරුවන්ට වඩා සුවිශේෂී වූ අයෙක්.
විශේෂ අවශ්‍යතා ඇත්තෙකු ලෙසින් මෙලොව එලිය දුටුවත්, ඔහු විශේෂ දක්ෂතා ඇත්තෙකු බවද සඳහන් කල යුතුයි.
තෙලිතුඩෙන් අද තමන්ගේ ජීවිතය අපූරුවට සිත්තම් කරනවා වගේම, මේ වනවිට ජයග්‍රහණ රැසක් දිනා ඇති මේ දරුවාගේ සිතුවම් ප්‍රදර්ශනයක් පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්වුණා.