ආප්ප විකුණන කතගේ රු 600ටත් විද්ද වෙන්නප්පුවේ හොරු …??

0
291

theif copyවෙන්නප්පුව ගල්බැම්ම මාවතේ ස්වයං රැකියාවක් ලෙස ඉදි ආප්ප අලෙවි කරමින් සිටි කාන්තාවක් කොල්ලකරුවන් දෙදෙනෙකුගේ අමාණුෂික ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල රෝහල් පොලිසිය පවසයි.

පසුගිය සඳුදා (16) රාත්‍රි 7 ට පමණ කොල්ලකරුවන් දෙදෙනෙකුට මැදි වි මෙලෙස තුවාල ලබා ඇත්තේ වෙන්නප්පුව ගල්බැම්ම මාවතේ නොම්බර 738 ලිපිනයේ පදිංචි අඹගහගේ රසිකා මේරියන් නැමති 47 හැවිරිදි එක්දරු කාන්තාවකි වසර කීපයක සිට මෙම කාන්තාව ස්වයං රැකියාවක් ලෙස දිනපතා රාත්‍රි මෙම ඉදි ආප්ප විකිණිම ගල්බැම්ම මාවතේ පිහිටා ඇති වැව අසල කරගෙන ගොස් ඇති බවත් පසුගිය සඳුදාත් එලෙස ඉදිආප්ප අලෙවි කරමින් සිටියදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එක් වරම කඩා පැන තමන් සතු මුදල් රැගෙන පලා යාමට උත්සහා දැරිමේදි මුදල් බේරා ගැනිමට ඇය කොල්ලකරුවන් වැලැක්වීමට යාමේදි කොල්ලකරුවන් ඇයට පහරදි රුපියල් 600 ක මුදලක් ද රැගෙන පලා ගොස් ඇතැයි රෝහල් පොලිසියට කරන පැමිණිල්ලේ සඳහන් වන බව රෝහල් පොලිසිය කීය.

මුහුණට හා ගෙල පෙදෙසට බරපතල ලෙස තුවාල සිදු වි ඇති බවත් කොල්ලකරුවන්ගේ එම ප්‍රහාරයෙන් කාන්තාවගේ එක් දතක් සම්පුර්ණයෙන්ම කැඩි ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය මෙම අනතුර පිළිබඳව මාරවිල රෝහල් පොලිසියෙන් දැනුම් දීමෙන් පසු කොල්ලකෑමට පැමිණි සැකකරුවන් සොයා වෙන්නප්පුව පොලිසිය පරික්ෂණ සිදු කරයි

චන්දන ප්‍රනාන්දු -වෙන්නප්පුව