ඇෆ්ගන් කතක් පහරදී මරා දමයි

0
422

CAelR6FXIAAZvjh.jpg:smallපසුගිය බ්‍රහස්පතින්දා  ඇෆ්ඝනිස්ථානයේ  කාබූල් නුවරදී  ඇෆ්ඝන් ජාතික කාන්තාවකට එරට වැසියන් විසින් පහරදී ප්‍රසිද්ධියේ ගිණිතබා ඝාතනය කරන ලදී. මෙම අුවස්ථාවට විශාල පිරිසක් එක්රැස්වී සිටින ආකාරයත් එම කාන්තාවට ඉතා නින්දිත ලෙස පහරදෙන ආකාරයත් ඡායාරූප ගතකරන අතර කිසිවෙකුත්  ඇය බේරාගැනීමට ඉදිරිපත් වන්නේ නැත. මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මුස්ලිම් මූලධර්ම වලට එකගව මෙම කාන්තාවට ගිණිතැබූ බව අපරාධකරුවන් හේතු ඉදිරිපත් කරති. මෙම අවස්තාව සම්බන්ධ වීඩියෝව සහ ඡායාරූප විවිධ සමාජ වෙබ් අඩවි ඔස්සේ පළකර ඇති අතර බොහෝ දෙනෙකු තමන්ගේ පිළිකුළ සහ විරෝධය ප්‍රකාශ කර තිබේ. මෙම කාන්තාව මානසික දුර්වලතාවයකින් පෙළෙන කාන්තාවක් බව ඇගේ දෙමාපියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. මෙම සිදුවීමේ ඇහින්දුටු සාක්ෂි අනුව මේම අපරාධය සිදුවන අවස්ථාවට  දහසක පමණ ජනතාවක් සහභාගී වී තිබේ.
මෙසේ ගිණිතබා මරාදැමූ කාන්තාවගේ වයස අවු 27ක් වන අතර ප්‍රහාරකයන් විසින් මිය යන තුරු ඇයට පහර දී පසුව ඇල ඉවුරට විසීකර දමා ඇගේ සිරුරට ගිණි තබා තිබේ. පසුව ගිණි නිවන හමුදා භටයින් පැමිණ සිරුර ගින්නෙන් මුදවා තිබේ.
ආගමේ නාමයෙන් සිදුවන  මෙවැනි වනචාරී ක්‍රියා වලට විරෝධය පළකරන ලෙස මානව හිමිකම් සංවිධාන මෙන්ම කාන්තාවන් ගේ අයිතීන් වෙනුවෙන්  පෙනී සිටින සංවිධාන හඩ නගති.
CAe3wyAW4AARj3T.jpg:large


http://globalvoicesonline.org/2015/03/20/afghan-woman-koran-death-beaten-burned/