යහපාලන ටී එකක් රු 25 ට දෙන හෝටල් මීගමුවේ තියෙනවාද ?

0
77

Teaඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණ විගස කියා සිටියේ පළමුව සහන හොරු අල්ලමු පස්සේ  යැයි කියාය.කෙසේ වෙතත් නව රජය පොරොන්දු වු ප්‍රකාර සැලකිය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිළ අඩු කළේය.
එහි ප්‍රතිලාභය තවදුරටත් මහජනයා හට ලැබිමට නම් මිළ අඩුව අමුද්‍රව්‍ය යොදා නිපදවන සියල්ලේ මිළ අඩු කළ යුතුව තිබේ.
එහෙත් ව්‍යාපාරිකයෝ ඉන් කරහැරියෝය.
පසුව රජයට ඇතැම් දැ පිළිබදව මිළ පාලනයක් ගැන සදහන් කිරිමට සිදුවිය.ඒ අනුව කිරි තේ එකක රු 25 ක් ලෙසද තේ එකක මිළ රු 15 ක් ලෙසද නම් කෙරුණ අතර ආප්පයක් විකිණිය හැකි උපරිම මිළ රු 10 යැයිද ප්‍රකාශයට පත් කළේය.
කෙසේ වෙතත් මෙසේ රජය විසින් පණවන්නට යෙදුන මිළ පාලනයන් වල ඇත්ත තත්වය ගැන රජයේ කිසිදු බලධාරියෙකු හෝ ආයතනයක් කටයුතු කරන්නේද යන්න නම් ඇත්තටම සැක සහිතය.
මේ සටහන තබන්නට සුළු මොහොතකට පෙර මීගමුවේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගිය අවස්ථාවක එහි මිළ ගණන් ගැන සදහන් සටහනක් විය.
එහි සදහන් ව තිබුනේ කිරි තේ එකක් රු 35 ක් යනුවෙනි.
පසුව මම එහි සේවකයෙකුගෙන් විමසා සිටියේ මේ ඔබගේ අළුත් මිළ ගණන්ද යනුවෙනි. සේවකයා පෙරළා පිළිතුරු දෙමින් කියා සිටියේ එහි ප්‍රධානියා විසින් සේවකයන්ට දි ඇති නව මිළ ගණන් මෙය බවය.
මම එහි සේවකයා හට යළිත් කියා සිටියේ රජය විසින් කිරි තේ එකක මිළ රු 25 ක් කළ බව  දන්නවාද යනුවෙනි.ඔහුගේ පිළිතුර සරලය.අපේ මහත්තයා කියපු ගණන් තමයි මේ ගහල තියෙන්නේ  යනුවෙනි.ඒ අනුව වැටහෙන්නේ රටේ මහත්තයා වු ජනපතිගේ  කිරි තේ මිළ පාලනය හෝටල්වල ව්‍යපාරික මහත්තුරුන්ට විහිළුවක් බවය.