පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතය.ජංගම දුරකථන රීලෝඩ් සදහා අය කරන 25%ක බද්ද අදාළ සමාගම් විසින් දැරිය යුතු බවට පසුගිය අතුරු අයවැයෙන් කරන ලද යෝජනාව මේ අනුව ක්රියාවට නැංවේ.
මේ බදු මුදල මෙතෙක් අය කරන ලද්දේ පාරිභෝගිකයාගෙනි.
මේ අනුව ජංගම දුරකථන සමාගම්වල පෙර ගෙවුම් පැකේජ භාවිත කරන්නන් තමා ලබාගන්නා දේශීය ඇමතුම් වලදී ගෙවිය යුත්තේ ඇමතුමේ ගාස්තුවෙන් සියයට 75කි.
මෙම වාසිය පෙර ගෙවුම් පැකේජ සඳහා පමණක් අදාළ වන අතර පසු ගෙවුම් සදහා අදාළ නොවේ.
මේ පිළිබදව දුරකථන සමාගම් පළ කර අැති දැන්වීම පහතින්
(ශ්රි ලංකා මිරර් උපුටනයකි.)