මාධ්‍යයකට තමන්ගේ නම කියාගන්න බය මීගමුවේ ගිනිනිවන ලොක්කෙක් ?

0
54

fire imageමීගමුව ගිනි නිවන ඒකකය පාලනය වනුයේ මීගමුව මහනගර සභාවෙනි.එනම් මීගමුව මහජනයාගේ බදුමුදලිනි.2015 අප්‍රේල් 13 වනදා උදෑසන 7.46 පමණ නිදහස් වෙළද කලාපයේ කම්හලක ඇතිව තිබුණ ගින්න මැඩපැවැත්විම සදහා මීගමුව ගිනි නිවන ඒකකයේද සහය පතා තිබුනද ඔවුන් එහි ගොස් තිබුනේ බෙහෝ ප්‍රමාද වි බවට චෝදනාවක් දැනටමත් එල්ලවි තිබේ.
මේ සම්බන්ධයෙන් අප විසින් මීගමුවේ ගිනිනිවන ඒකකයේ උදේවරුවේ එහි ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙසින් කටයුුතු කළ තැනැත්තාගෙන් කරුණු විමසා සිටියද ඔහු ක්‍රියාකළේ කිසිදු වගකිමක් සහිත නිළධාරියෙකු ලෙසින් නොවේ.
ගින්න පිලිබදව ඔවුන් වෙත පළමු පුවත ලැබුනේ කියටදැයි අසමින් අප කළ ඉල්ලිමට කිසිදු ප්‍රතිචාරයක් ඔහුගෙන් ලැබුනේ නැත.එපමණක් නොව අප විසින් අමතන නිළධාරියා කව්දැයි යන්න දැනගැනිමට අපට අයිතියක් ඇතත් ඔහු කටයුතු චණ්ඩියෙකු ලෙසිනි.
කෙසේ හෝ මීගමුව නගරයේ ජනතාවගේ බදුමුදල්වලින් නගරයේ අවධානම් පාලනය කිරිම සදහා යොදා ඇති මෙවන් උද්දච්ච නිළධාරින් ගැන මීගමුව නගාරිධිපතිවරයා බදුගෙවන ජනයාට කියන්නේ කුමක්ද ???