සිවිල් අැදුමෙන්, බීමතින් රිය පැදවු මීගමුවේ හිමිනමකට උසාවියෙන් දඩ …

0
271
හිමිනමට අයත් ප්‍රිමියෝ වර්ගයේ රථය
හිමිනමට අයත් ප්‍රිමියෝ වර්ගයේ රථය
හිමිනමට අයත් ප්‍රිමියෝ වර්ගයේ රථය
මීගමුවේ එජාප ක්‍රියාකාරින් ජය සමරන අවස්ථාවේදි හිමිනමගේ රථය වාහන තදබදයකට අසුව
මීගමුවේ එජාප ක්‍රියාකාරින් ජය සමරන අවස්ථාවේදි හිමිනමගේ රථය වාහන තදබදයකට අසුව
පළගතුරේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැදෙමින් මැතිවරණ කටයුත වල නියැලෙන අයුුරු
පළගතුරේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැදෙමින් මැතිවරණ කටයුත වල නියැලෙන අයුුරු

දලුපත සිරකදවුර පාරේ පිහිටා ඇති පන්සලක හිමිනමක් විසින් ජාඇල නිවාසිපුර ප්‍රදේශයේදි පදවාගෙන ගිය කැබ් රථයක්  තවත් වාහනයක් පිටපසින් ගොස් හැප්පිම නිසා එකි  මෝටර් රථය අනතුරකට ලක්ව ඇත.
වාර්ථා වන අන්දමට අනතුරට පත් රථය කොළඹ පොලිසියක නිළධාරියෙකු විසින් පදවාගෙන යන ලද්දකි.
කෙසේ වෙතත් සිවිල් ඇදුමින් සිටි හිමිනම අනතුර සිදුකොට ඔහු පැදවු ඩබල් කැබ් රථය නොනවත්වා ගොස් නිවාසිපුරයේ එක්තරා නිවසකට ඇතුළුවි ඇත.
පසුව සිය සිවුරු ඇදගෙන එළියට පැමිණ තිබේ.
එම නිවස රූපලාවන්‍ය ශිල්පිණියකට අයත් එකක් බවද කියැවේ.
අදාල පොලිස් පරික්ෂකවරයා විසින් මේ හිමිනම පදවාගෙන ගිය කැබ්රථය හඹා ගොස් අල්ලාගැනිමෙන් පසුව නාමල් රාජපක්ෂ ඇතුළු දේශපාලකයන් කිපදෙනෙකුගේම නම් කියමින් සිදුකල වැරැද්දෙන් ගැලවිමට උත්සාහ කර තිබුනද අදාල පොලිස් පරික්ෂකවරයා අකුරටම නිතිය ක්‍රියාත්මක කරමින් ජාඇල පොලිසිය වෙත අදාල හිමිනමව භාර දි තිබේ.
මෙම සිදුවිම සිදුව ඇත්තේ මාර්තු 17 වන අතර ජාඇල පොලිසියේ ප්‍රේමවංශ බණ්ඩාර නම් වු පොලිස් සැරයන් වරයෙකු විසින් මෙම නඩුව උසාවියට ඉදිරිපත් කොට තිබේ.
මේ හිමිනමට එරෙහිව චෝදනා 5 ක් යටතේ නඩුව ගොනුකොට තිබුණි.
රියදුරු බලතපත්‍රයක් නොමැතිව රිය පැදිවිම,බිමතින් රියපැදවිම,ආපරක්ෂාකාරි ලෙසින් රියපැදවිම,අනතුරක් වලක්වාෙනොගැනිම,සහ රියඅනතුරක් සිදුකර පළායාම .යන චෝදනා මේවා අතර විය.
අනතුර සිදුකරන ලද අවස්ථාවේ මේ හිමිනම කොටකලිසමක් සහ ටිෂර්ට් ඇද සිට ඇත.
වරදපිළිගත් මේ හිමිනම වෙත රු 20500 ක් දඩයක් මහේස්‍රාත්වරිය විසින් නියම කොට දඩය ගෙවන තෙක් සිරිමැදිරිය තුල රදවන ලෙසටද නියෝග දි තිබිණි.
පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ දිනවිම සදහා ප්‍රසිද්ධියේ සංවිධාන වැඩවල නිරතව සිටි මේ හිමිනම ඇමති නිමල් ලංසා ඉල්ලිම පරිදි යැයි කියමින් පළගතුරේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසල රැදෙමින් ඒ හරහා යන ඡන්ද දායකයන් වෙත අශ්ශිල ලෙස බැනවැදිම පිලිදවද අප මීපුර වෙබ් අඩවිය ඔස්සේ අප පාඨකයන් දැනුවත් කළෙමු.
දළුපත ප්‍රදේශවාසින්ගේ  නිරන්තර විවේචනයට ලක්ව ඇතැයි කියන මේ හිමිනම කටාන විද්‍යාලෝක විදුහලේ ගුරුවරයෙකු බවද පැවසේ.
දළුපත සිරකදවුර පාරේ පිහිටි ධර්මරථනාරාමයේ විහාරාධිපති වන අතර නමින් තල්පේ ධම්මාලෝක නම් වෙයි. මේ හිමිනම හිටපු ආමාත්‍ය මර්වින් සිල්වාගේ සමිපතම අධාරකරුවෙක් වන අතර   ලක්ෂ 45 ක් පමණ වටින ප්‍රිමියෝ වර්ගයේ අතිසුඛෝපහෝගි මොටර් රථයකටද හිමිකම් කියන්නාහ.ඇමති නිමල් ලංසාගේ නිවස පරික්ෂා කිරිමට විශේෂ බලකාය පැමිණිමෙන් පසුව ක්‍රියාත්මක වු මෙගා ටෙලිනාට්‍යයක ඉතිරි කොටස රගදැක්විම වෙනුවෙන්  හිටපු ජනපති වරයා පැමිණි අවස්ථාවේදිද  මෙම හිමිනම එහි වැඩම කර ඇත.