පුෂ්පා ජුවලර්ස් මංකොල්ලයට වසරයි ? මහමොළකරු නිදැල්ලේ ?

0
167

puspa-1පුෂ්පා පුවර්ලස් මංකොල්ලට මේ අප්‍රේල් 17 වනදාට වසරක් පිරෙයි.පසුගිය වසරේ  අප්‍රේල් 17 වනදා මීගමුවේ පුෂ්පා ජුවෙලර්ස් ආයතනය සිදුවු මංකොල්ලයේ ප්‍රධාන මොළකරු යැයි සැකකරන ලද කොල්ලය සිදුවන අවස්ථාවේ එහි පැමිණි රතු ෂර්ට් කාරයා ඇල්ලා ගැනිමට සමත්වුවා යැයි කියා ප්‍රකාශයට පත් වාර්තාවක් තවමත් නොමැත.
ඔහු එහි  ප්‍රධාන මොළකරු යැයි පවසා සිටියේද මීගමුව පොලිස් අධිකාරිවරයා විසින්මය.
එහෙත් අදාල පුද්ගලයා හදුනාගැනිමට මහජන සහය පතමින් ප්‍රසිද්ධ ස්ථානවල පෝසටර් හෝ අලවා මහජනයාගේ සහය ඉල්ලා සිටිම ක් පවා ක්‍රියාත්මක වුයේ නැත.
මෙම කොල්ලය ඇතුළු ඒ දිනවල සිදුවු මංකොල්ලයන් පිළිබදව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරිම සදහා පැවැති විශේෂ රැස්විමකදි මීගමුව පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා පවසා සිටියේ දෙසතියක් ඇතුලත ඒ රතු ෂර්ට් කාරයාව අල්ලා ගන්නා බවය.
ඒ ප්‍රකාශය ඔහු විසින් සිදුකරන්නට යෙදුනේ 2014 අප්‍රේල් 19 වනදාය.
එසේ වඩාත් විශ්වාසයෙන් යුතුව සිදුකරන ප්‍රසිද්ධ ප්‍රකාශයට දැන් සිදුව ඇත්තේ කුමක්ද ?

2014 අප්‍රේල් 19 වනදා මීපුර වෙබ් අඩවිය පළකරන ලද පුවත …..

මීගමුවේදි සිදුවු මංකොල්ල පිලිබදව CCTV කැමරා පද්ධතිවල සටහන්ව ඇති රූපරාමු ඊයේ මාධ්‍ය ඔස්සේ විසුරුවා හැරිමත් සමගින් බොහෝ දෙනෙකු විසින් මහත් කුතුහලයෙන් විමසා සිටි පැනයක් විය.
එනම් මංකොල්ලකරුවන් අවිඅමෝරාගෙන සිටියදිම රතු හැදගත් හැඩිදැඩි පෙනුමක් ඇති අයෙක් පුෂ්පා රන්ආභරණ හල වෙත පැමිණේ,
එහෙත් සන්නද්ධ මංකොල්ලකරුවන් ඔහුට කිසිවක් කරන්නේ නැත.
මේ පුද්ගලයා කව්දැයි මීගමුවේ අද පැවති ආරක්ෂක තත්වය පිළිබදව විශේෂ හමුවේදි පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතා ප්‍රකාශ කර සිටියේ රතු ටිෂර්ටයක් ඇද ඇතුලට පැමිණෙන පුද්ගලයා මංකොල්ලකරුවන්ගේ කල්ලියේ අයෙකු වියහැකි බවට පොලිසිය සැකකරන බවත් ඔහු පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනිම සදහා සියළු දෙනාගේ සහය පොලිසිය බලාපොරොත්තු වන බවත්ය