නගර සභාව තාවකාලික යැයි කියා තැනු කඩවලින් වෙළෙන්දෝ ඉවත් නොවෙති .

0
42

night-b-2-300x225මීගමුව මහනගර සභාව විසින් තාවකාලිකව යැයි කියා මාස 6 ක බදු පදනම යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් ලබාගෙන තිබුනේ 2012 වසරේදිය.
එහෙම පිටින්ම ඉතාමත් අවිධිමත් ලෙස සිදුව තිබු මේ වැඩපිළිවෙල තුල විධිමත් ලෙසින් සිදුව තිබුනේ එකම එක දෙයක් පමණි.එනම් මේ ව්‍යාපෘතිය බාරව කටයුතු කළ ෆරිස් නම් වු මන්ත්‍රිවරයා විසින් එකතු කරගත් ලක්ෂ ගාණක් වු අදායම යැයි නම සදහන් කිරිමට අකමැති වු වෙළද ව්‍යාපරිකයෙකු මීපුරට පැවැසීය.
මේ වෙළදුන් සති දෙකකින් ඉවත් කරනවා  යැයි කියා නගරාධිපතිවරයා මාධ්‍ය වෙත දුන් පොරොන්දුවට දැන් මාස 2 ක්ද පසුව තිබේ.
මේ සම්බන්ධයෙන් අප ඔහුගෙන් යළිත් විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ මේ ගැන කටයුතු කිරිමේ වගකිම දැන් මීගමුව මහනගර සාභාවේ නාගරික කොමසාරිස්වරයා විසින් ක්‍රියාත්මක කරන බවය. නාගරික කොමසාරිස්වරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සදහන් කළේ මෙම ව්‍යාපාරිකයන් හට ඉන් ඉවත් වන ලෙස ප්‍රසිද්ධ දැන්විමක් කර ඇති බවත් එහෙත් වෙළදුන් තවමත් ඉන් ඉවත්ව ගොස් නැති බවය
ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවද දැනුවත් කර ඇති බවද වැඩිදුරටත් ඔහු සදහන් කර සිටියේය.
මෙම ව්‍යාපෘතියේදි වෙළදුන් සමගින් ඇතිකරගත් ගිවිසුම කුමක්දැයි අපි විසින් ෆරිස් මන්ත්‍රිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු පවසා සිටින්නේ එසේ කිසිම එකගතාවක් මෙහිදි සිදුව නොමැති බවය.සියල්ල සිදුව ඇත්තේ කටවචනයෙන් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මේ කරුණු විමසිමේදි පෙනියන්නේ පළාත් පාලන නිතිරෙගුලාසි කිසිවක් අනුගමනය නොකරමින් සිදුකර ඇති මේ ව්‍යාපෘතියේ තුල ඇති බරපතල අවිධිමත්භාවය නිසා දැන් නගර සභාවට පවා මේ  වෙළදුන් ඉන් ඉවත් කිරිමට වැඩපිළිවෙලක් නැති බවය. මේ නිසා කිසියම් නිතිමය ප්‍රශ්ණ සහ අයථා මුදල් ගණුදෙනු ගැන කතාද ඉදිරියේදි මතුවිමට ඇති ඉඩ නිසා නගර සභා බලධාරින් පයබුරුලින් තබා වැඩකරගෙන යන බවක් පෙනෙන්නට තිබේ.