වෙන්ප්පුව වැවට නගරයේම කුණු ??

0
449

11165153_10205068126517460_319881329981122993_oමේ ඔබ දකින්නේ වෙන්නප්පුව සති පොලේ හා Super market එකෙන් බැහැර කරන දුර්ඝන්දයෙන් යුත් අපද්‍රව්‍යයි. වෙන්නප්පුව පොලිසිය අසලින් ඒදණ්ඩ පාර දිගේ වැව දෙසට යන කාණුවට වැටී කෙලින්ම ගමන් කරන්නේ වෙන්නප්පුව වැවේ දකුණු කොටසේ මුලටය . අසල්වැසි ජනතාව මේ ගැන නොදන්නා සේ ඇස කන් පියාගෙන සිටිති. වැසි දිනවල මෙම කාණු උතුරා පයින් ගමන් කිරීමටද නොහැකි වන පරිදි පාර කුණු කාණුවක් සේ දිස්වේ. අමාරුවෙන් සුළු දෙනෙකුගේ උවමනාවට සුද්ද පවිත්‍ර කරගත් වෙන්නප්පුව වැව් සම්පත මෙසේ අපවිත්‍ර වීම ඉතාමත් කණගාටුවට කරුණකි. අදාල බලධාරීන්ට මේ ගැන නිසි පියවරක් ගන්න ලෙස ඉල්ලා සිටිමි.

ෂෙහාන් ප්‍රනාන්දු