හලාවතදී වෙඩිවැදුණ ධීවරයෙකුට ශල්‍යකර්මයක්

0
36

අද උදෑසන හලාවත එගොඩවැල්ලේදී  අද හමුදා වෙඩි පහරින් තුවාල ලැබූ   ධිවරයින් 3 දෙනෙකු මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ඔවුන්ගේ පාද වලට හා පපුවටත් අතකටත් තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අතර කදුලු ගෑස් උණ්ඩයක්  සිය අතට වැදී ඇති පුද්ගලයාගේ අතට දැඩි හානි සිදුවී ඇති අතර මේ වන විට ඔහුව  සැත්කමකට භාජනය කොට තිබේ.
වෙඩි වැදී මියගොස් ඇත්තේ ඩබ්ලිව් ඇන්ටනී ප්‍රනාන්දු   නම්  3 දරැ විවාහක ධීවරයෙකි.

රජය විසින් පනවන ලද භූමිතෙල් මිළ  පහත දැමීම සදහා 13 වනදා සිට ධිවරයින් වෙරළ තීරැවේ විරෝධතා පැවත්වීය.   අද පෙරවරැ 10-12ත් අතර දීත් හලාවත එගොඩවැල්ලට ධීවරයින්  රැස්වී ඇත්තේ  භූමිතෙල් මිළ  පිළිබද ඔවුන් අපේක්ෂා කළ විසදුමක් නොලැබූ  තත්වයක්  හමුවේහිය. ඒ අතර අද උදෑසනම හලාවත,වෙන්නප්පුව, මහවැව , මීගමුව යන ප්‍රෙද්ශ වල ද හමුදා ආරක්ෂාව තබා තිබුණි.