සුළු පියාගෙන් පහර කෑ සිගිති දියණිය

0
63

දැනට දින කීපයකට පෙර  වයස අවුරුදු 3ක පමණ දැරියක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇත්තේ පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙනි. මෙම පහරකෑමෙන් පසු දැරියගේ කොන්දේ පහත කොටස අතිශය ගැඹුරු තැල්මක් හා ඉදිමුමක් ඇතිවී ඇති අතර ඇය මේ වනවිටත් මීගමුව රෝහලේ 05 වෙනි  තට්ටුවේ ප්‍රතිකාර ලබයි. මෙම පහරදීම සිදුකර ඇත්තේ  ඇයගේ මවගේ දෙවන සැමියා වන අතර මෙම පුද්ගලයා මේ වනවිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
මෙම දැරිවියගේ  හානිවී ඇති පිට කොන්දේ  සැත්කමක් සිදුකිරීමට නියමිත අතර මොවුන් කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.