මීගමුව ධිවර නිළධාරියාට තෙප්පම් ධිවරයන්ගේ විරෝධය.

0
141

fransis aiyaමසුන් ඇල්ලිමට යෙදාගනු ලබන කුඩාම යාත්‍රාව වන්නේ තෙප්පමයි.
මීගමුව තුල මේ තෙප්පම් 80 ක් පමණ ඇති අතර ඒවා සියල්ල අයත්වන්නේ වැල්ලවිදියේ  ධීවරයා හටය.
එහෙත් මෙම සම්ප්‍රදායික  පන්න ක්‍රමයට ඇති තර්ජන  දිනෙන් දිනම ඉහල යන්නට පටන් ගෙන ඇතැයි වාර්ථා වේ.
විශේෂයෙන්ම මේ දිනවල සුරුක්කු දැල් නමින් හැදින්වෙන පන්න ක්‍රමය නිසා තෙප්පම් ධිවරයන්ගේ ජිවිකාව අභියෝගයකට ලක්ව ඇතැයි  ධිවරයෝ පවසති.
ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව එල්ලවන්නේ මීගමුව ධිවර කාර්යලයේ බණ්ඩාර නම් වු ප්‍රධාන ධීවර පරික්ෂකවරයා වෙතය.
වැල්ලවිදියේ පවුල් 10 ක් පමණ විසින් කරගෙන යන මෙම සුරුක්කු දැල් පන්න  ක්‍රමය නවතාලිමට කටයුතු නොකරන්නේ නම් මැයි මස 06 වෙනිදා ධීවර කාර්යාලය ඉදිපිටට පැමිණිම නියමිත බවද මීපුර වෙබ් අඩවියට පවසා සිටියෝය.