ප්‍රවෘත්ති සොරකම් කිරිමේ ජඩ මාධ්‍ය කලාව negombonews කට්ටියත් බෝවෙලා?

0
87

Screenshot from 2015-05-07 17:14:29

මුහුදු බස්සා ගැන අප පළ කරන ලද මුල් පුවත
මුහුදු බස්සා ගැන අප පළ කරන ලද මුල් පුවත

අද මෙරට තුල පවතින පුවත් වෙබ් අඩවි වලින් 90% කටත් වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රියත්මක වන්නේ cut and paste ක්‍රමයටය.
මේ අය මහන්සි වි ඒ අයගේම ප්‍රවෘත්ති සොයන්නේ නැත.අනික් අය මහන්සි වි පළකරනු ලබන පුවත් බොහෝ අවස්ථාවන්හිදි උපුටා ගත්තේ කොහෙන්දැයිවත් සදහන් නොකරම තමන්ගේ වගේ පළකරගනිති,

වැඩිදෙනක් අතරට පුවත් යාම ගැන අප විරුද්ධ නැත. එහෙත් එහි පළමු මුලාශ්‍රය සදහන් කරන්නට අවම සදාචාරයක් විශේෂයෙන්ම වෙබ් මාධ්‍ය කලාව තුල තිබිය යුතුය.
මීගමුව කේන්ද්‍ර කරගනිමින් යැයි කියන negombonews යනුවෙන් නම් තබා ඇති වෙබ් අඩවියක් දැනට කාලයක සිට අප විසින් පළකරනු ලබන පුවත් උපුටාගත්තේ කොහෙන්දැයි සදහන් නොකරම තමන්ගේ ඒවා මෙන් පළකරන්නට තරම් වංචනික වි ඇත.
(අප විසින් පළකරන්නට යෙදුන මුහුදු බස්සා පිළිබදව පුවත් කිසිදු හිරිකිතයකින් තොරව මේ අය විසින් පළකර තිබේ.
එය උපුටා ගත්තේ කොහෙන්දැයි සදහන් කරන මතක් කිරිමක්ද සිදුකොට ඒ සදහා ප්‍රමාණවත් කාලයක්ද ලබාදුණි.
එහෙත් ඒ සදාචාරත්මක බවේ අහලකටවත් එන්නට ඒ අය කැමති නැතිවා සේය.එබැවින් අප අපගේ අවධාරණය අපේ වෙබ් අඩවිය මගින්ම කරන්නට තිරණය කළෙමු.)
එහි පළවෙන බොහොමයක් පුවත් නිරික්ෂණය කරද්දි පෙනි යන්නේ වෙනත් වෙබ් අඩවිය වලින් කෑලි වශයෙන් උපුටාගෙන තමන්ගේ මෙන් කරනු ලබන පළකිරිම් වන බවය.
එපමණක් නොව අපේ ඡායාරූප පවා එහි පළමු ඡායාරූපයේ නියම ප්‍රමාණය කපා ඉවත් කර එය තමන්ගේ යැයි හැගෙන සේ පළකරන ලද අවස්ථාද ගණනාවක් වෙයි.
මේ හැම අවස්ථාවකම අප ඒ අය වෙත සදාචාර සම්පන්න ආකාරයෙක් යම් මතක් කිරිමක් සිදුකළෙමු.
මීපුර වෙබ් අඩවිය අප විසින් පවත්වාගෙන යනු ලබන්නේ 99% ක්ම අපේම පුවත් වලින් බව ප්‍රකාශ කරන්නේ වෙබ් මාධ්‍ය කලාවේ අනාගතය සුරකෙනු ඇත්තේ එවන් ස්වාධින පුවත් පළකිරිම තුලින් පමණක් බව අප විශ්වාස කරන නිසාය.
එහෙත් අන් විසින් පළකර ඇති ඉතා වැදගත් ලිපි යම් අවස්ථාවලදි ඒ අදාල වෙබ් අඩවියේ නම සදහන් කරමින් උපුටා පළකරන්නටද අප කටයුතු කර ඇත්තෙමු.
negombonews කරන්නේ කව්රුන්දැයි අප නොදනිමු.
මීගමුවට තවත් වෙබ් අඩවියක්  තිබිම ගැන අපද සතුටුය. එහෙත් එය මීගමුවේ හා අවට පුවත් එය පවත්වාගෙන යන අය විසින්ම සොයාගෙන පළකරන්නට තරම් වන වෘත්තිය සදාචාරය ගොඩනගාගන්නේ නම් පමණක් මේ මාධ්‍ය කලාව තුල හෙටක් තිබිය හැකිවනු ඇත.
එමෙන්ම  අන් අයගේ පුවත් ලාභෙට  සොරකම් කිරිමේ වංචනික වෙබ්මාධ්‍ය කලාවෙන් මිදිමට උත්සාහ කරන ලෙසින්ද  අප සහෝදරාත්මකව ඒ අය වෙත මතක් කරන්නට කැමැත්තෙමු.මෙහිදි අවධාරණය කළ යුතු එක්  කරුණක් වන්නේ අපගේ මෙම පුවත තවත් වෙබ් අඩවි ගණනාවක් විසින් අපෙන් ගත් බවක් සදහන් නොකරමින් පළකර ඇති බව දැන් දැනගන්නට ඇත.ඒවා අතුරෙන් ලංකාදිප වෙබ් අඩවියට හැර වෙනත් කිසිදු වෙබ් අඩවියක් අපගේ නම සදහන් නොකර පළකරන්නට අයිතියක් ලබාදි නැත.
ලංකාවේ ප්‍රධාන පෙලේ වෙබ් අඩවියක් වන නෙත්එෆ්.එම් අඩවිය පවා මෙ පුවත ගත් මුලාශ්‍රය ගැන කිසිදු සදහන් නොකර පළකරන්නට තරම් මාධ්‍ය සදාචාරය පසෙකට තල්ලු කර දමා ඇත.