බස්මගි ආවරණයක් හදාගන්න බැරි ඇමතිවරයෙක් ඉන්න නගරයක් ?

0
50

pitzsaවෙන්නප්පුව පුත්තලම් දිස්ත්‍රික්කයේ ඇති සුපිරි නගරයකි. ඒ එහි වෙසෙන වැසියන්ගෙන් අතිබහුතරයක පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් ඉතාලියේ රැකියාවල නිරතව ඇති බැවිනි.
මේ නිසා වෙන්නප්පුව වේගයෙන් දියුණුව කරා ඇදුන අතර පිට්සා හට් වැනි ජාත්‍යන්තර අවන්හල් ජාලයන්ගේ ශාඛාවන් පවා වෙන්නප්පුවේ ස්ථාපිත වුණි.
මේ අනුව පිට්සා අවන්හල වෙනුවෙන් සන්විල් නම් බේකරි හිමියා විසින් සිය ගොඩනැගිල්ලක් ලබා දි තිබුණි.
බස් මගි ආවරණය පිහිටා තිබුනේ මේ පිට්සා අවන්හල ඉදිරියෙන් නිසා වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත විසින් ඒ බස්නැවතුම කඩිමුඩියේ කඩා ඉවත් කළේ වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කරන බව පවසමිනි.
එහෙත් වසර 2 කක් යන තුරුත් මේ බස් මගි ආවරණය යළිත් ස්ථාපිත කෙරුණේ නැත.
ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායකවරයා වන ජුඩ් ප්‍රනාන්දු මෙන්ම ඇමතිධුරයකින් පිදුම් ලැබු නිරෝෂන් ප්‍රනාන්දුලාට බස්මගියන් විදින අපහසුව ගැන වගේ වගක් නැත.
ඔවුන් මේ ගැන මීක් කියන්නේ නැත්තේ ඒ නිසා විය යුතුය.