කඩොලාන පරිසර පද්ධතිය රක්ෂිතයක් කරනවාට විරුද්ධ කව්ද ?

0
309

kadole issueකඩොලාන ගස් හිටපු ප්‍රාදේශිය ලේකම්වරයෙකු වු ශාන්ත කේ. මුහන්දරම් විසින් මුඩු බිමක් වශයෙන් හදුන්වනු ලැබු , හිටපු නගරාධිපතිවරයෙකු වු හර්මන් කුරේරා මෙහි  ඇත්තේ කඩොල් නොව මණ්ඩා යනුවෙන් සදහන් කළ කඩොලාන ඉඩම් අක්කර 8 ක් පසුගිය රාජය සමයේ  ඉඩම් කට්ට් 133 ක් ලෙසින් අඩුඅදායම් ලාභි ධීවරයන් සහ සුනාමි නිවාස අහිමියන් අතර බෙදා දිමට කටයුතු සැලැසුම් කර තිබුණි.
ඒ රක්ෂිතයක් ලෙසින් නම් කිරිම සදහා රජයේ වියදමින් මැණුම් කටයුතුද නිමකර තිබියදිය.

වසර 2005 සිට වරින් වර මේ ඉඩම නිවාස තැනිමට යොදා ගැනිමට ප්‍රදේශයේ දේශපාලකයන් විසින් විශාල මහන්සියක් ගත්තේය.කලපු ජලය ලවණ හරනය කර පානිය ජල සැපයුමට එක් කිරිමට හිටපු  නගරාධිපති නිමල් ලංසාට සැලසුම් කරද්දි මේ ඉඩම සුරක්ෂිත කරගැනිමට එදා තනි සටනක් කිරිමට මීපුර පුවත්පතට සිදුවිය.

ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ධීවරයන් වෙනුවෙන් යැයි කියා ගත් කිසිදු සංවිධානයක් එදා අපේ ආධාරයට පැමිණියේ නැත. කඩොලන සුරකිම වෙනුවෙන් අප එදා ගෙන ගිය අරගලය හේතුවෙන් නිමල් ලංසා ඇතුළු දේශපාලකයන්ගේ බරපතල විවේචනයට ලක්වන්න මිපුරට සිදුවිය.ඉන් නොනැවතුන ලංසා පාලනය අපට එරෙහිව උද්ඝෝෂණ පවා සංවිධානය කරන්නට සුදානම් විය.මේ පසුබිම තුල අප වඩාත් අපහසුවට පත්කරළ කාරණය වුයේ මීගමුවේ ඉඩම් අහිමි වුවන් වෙනුවෙන් වැඩකරන රාජ්‍ය නොවන සංවිධානයක් පවා මේ කඩොල් ඉඩමෙන් ඉඩම් ගැනිමට කැමැත්ත පළ කර තිබිමයි. එදා ලංසා පාලනය පල්ලියේ සංවිධානද අපෙන් මේ ඉඩම ලබාදෙන ලෙස ඉල්ලනවා යැයි ලේබල් අලවා ගන්නටද මේ තත්වය  හේතු විය.

දැන් ඇත්තේ අළුත් පාලනයකි. එහි ජනාධිපතිවරයාද කියා සිටින්නේ පරිසරය සුරැකිම සදහා සිය ජනපති බලතල භාවිතා කරන්නට තමන් සුදානම් බවය.
මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත යනු මීගමුවේ කඩොලාන පරිසරය සුරැකීම සදහා මීගමුව මහනගර සභාව තුල තනි සටනක් ගෙන ගිය විපක්ෂ නායකවරයාය.

දැන් ඇත්තේ මෙය රක්ෂිතයක් කිරිම සදහා කඩිනම් වැඩ පිලිවෙලක් දියත් කිරිමය.එපමණක් නොව මීගමුව තුල ඉඩම් භාවිතය කෙසේ සකස්විය යුතුද යන්න ගැනද පළල් සංවාදයක් ඇතිවිය යුතුව තිබේ.
ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ කරුණ අරභයා විශේෂ රාජ්‍ය නිලධාරියකු ( Land use officer )පත් කර ඇත. මීගමුව ගැන බුද්ධිමත්ව සිතන ජනයා මෙහි ඇති වැදගත්කම සලකා මේ සංවාදය මීගමුව තුල ආරම්භ කිරිමේ අති ප්‍රබල අවශ්‍යතාවක් දැන් මතුව තිබේ.

අප මීට පෙරද අවස්ථා ගණනාවකදි මේ කරුණ මතු කර තිබුනද කිසිවෙකුත් එයට අවශ්‍ය බර තැබුවේ නැත.