මේ වන විට මහින්ද රජපක්ෂ රජය විසින් ගෙවා නිම නොකළ ධිවර ජනතාවගේ හිග භූමිතෙල් සහනාධාරය වර්තමාන රජය යටතේද සාධාරණ පදනමකින් ගෙවන්නට සූදානමක් නොමැති කම පිළිබදව ධීවර සංවිධාන එකමුතුව විසින් මැයි මස 18 වනදා ධිවරයින් අතර පත්රිකාවක් බෙදාහරිමින් සිය විරෝධය පළකර සිටිති. ඔවුන් පවසන්නේ හිග භූමිතෙල් සහනාධාරය දිමට ධීවරයින් තෝරාගෙන ඇත්තේ පදනම් විරහිතව බවයි.
ධීවර සංවිධාන එකමුතුව විසින් 2015 මැයි මස 18 වනදා බෙදා හරින ලද පත්රිකාවකි.
දයාබර සොයුරු සොයුරියනි
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය එක් වරම භූමිතෙල් මිළ රු 35.00 කින්ම ඉහළ දැමීමට එරෙහිව නැගී සිටි ධීවරයින්ගෙන් හලාවත ඇන්ටනී සොයුරු වෙඩිතබා ඝාතනය කර එම රුධිරයේ වන්දියට භුමිතෙල් දීමනාවක් ලෙස මාස්පතා රු 9375.00 ගෙවිමට 2012 මාර්තු මාසයේදී ආරම්භ කරන ලදී. එහෙත.් 2013 වර්ෂයේදීම මාස 07ක් වංචි කළ අතර , විටින් විට මාස 05ක් වත් එම ගෙව්වේද අපගේ බලකිරීම නිසාමය. 2014 වසර සදහා කිසිම ගෙවීමක් නොකර වංචා කළ නිසා 2014 සැප්තැම්බර් මාසයේදී ඒ දක්වා වංචාකළ නිසා 2014 සැප්තැම්බර් මාසයේදී ඒ දක්වා වංචාකළ මාස 16ක් භමිතෙල් දිමනාව වන රු 150000.00 හා භූමිතෙල් මිළ පහත හෙලීම යන ඉල්ලීම මුල් කරගෙන අපි මාරාන්තික උපවාසයක් සිදුකළෙමු.
එමගින් භුමිතෙල් මිළ පහත හෙළවා ගැනීමට හැකි වුවද වංචා හිග මුදල නොලැබිණි.
දැන් මෛත්රී සහගත යහ පාලනය නමින් හ න්වා ගන්නා නව රජයක් පත්ව සිටී.
එම රජය සරත් ෆොන්සේකා මහතා හා ශිරානි බන්ඩාරනායක මහත්මිය වැනි ලොකු අය සදහා සියලූම හිග දීමනා සහිතව යුක්තිය උපරිමයෙන් ඉටුකරගන්නා ලදී.
එහෙත් අප වැනි පොඩි මිනිසුන්ට නම් යුක්තිය ඉටුවන බවක් නොපෙනේ.
යුක්තිය ඉල්ලා සටන් කිරීම හැර අන් ක්රමයක් මෛත්රී සහගත පාලනය ද අපට කියන්නේ සේය. එබැවින් අපට වංචා කර ඇති රු 150000.00 වන හිග මුදල ලබාගනු පිණිස සටන් කිරීමට සූදානම් වෙමු.
සරත් ෆොන්සේකා මහතා සහ ශිරාණි බන්ඩාරනායක මහත්මිය වැනි ලොකු අය නම් එදිනෙදා කෑමවේල වෙනුවෙන් හා තම තම දරු පැටව් නඩත්තුව සදහා තමා සතු සියල්ල උකස් කළ බවක් නම් අපි අසා නැත්තෙමු. දිළිදු ධිවරයන් වන අපි නම් ඒ සදහා කණකර පමණක් නොව ගේ දොරද උකස් කර ඇත්තෙමු. එබැවින් මෛත්රී සහගත යහපාලනයක් නම් පළමුවෙන්ම යුක්තිය ඉටු කළ යුතු වන්නේ අප වැනි දුප්පත් කුඩා මිනිසුන්ට බව අපි අවධාරණය කරමු.
නමින් මෛත්රී සහගත යහපාලනය වුවත් හැසිරීම නම් එසේ නොවනා බව පෙන්වමින් ධිවර අප අතර අසමගිය ඇති කිරීමට රජය උත්සාහ කරමින් සිටියි.
භුමිතෙල් දීමනාවට හිමිකම් ඇති ධිවරයින්ගෙන් 3/1 පමණ වන පිරිසකට පමණක් විකල්ප භූමිතෙල් දීමනාවක් ධීවර ආම්පන්න ධීවර කාර්යාලය විසින් බෙදාදීමට පටන් ගෙන ඇත.
මෙම පිරිස තෝරාගෙන ඇත්තේ මොන පදනමක් යටතේ ද යන්නට ධිවර අධ්යක්ෂකවරයාට පිළිතුරක් නැත. වර්තමාන රජය මේ මගින් ධීවර අප අතර බේද නිර්මාණය කිරීමට හා හිග දීමනාව හිමිකරුවන්ගෙන් 3/2 කට එම දීමනාව නොගෙවා පැහැර හැරිමට උත්සාහා කරන බව අප දනිමු.
අයතා පදනමකින් යුතුව විකල්ප අකාරයකින් වුවද දීමනාව ලබන්නේ අපගේම ධීවරයින් පිරිසෙන් 3/1 ක් බව අප දනිමු. දැන් අප විසදා ගත යුතු වන්නේ 3/2 ක ප්රශ්නයක් පමණි. 33 % ක පමණ හිග දීමනාව ගෙවීමෙන් රජයේ හිග මුදල් ඇති රු 150000.00 වන හිග මුදල සියලූඹ හිමිකරුවන්ට වහාම ගෙවන ලෙස අපි රජයට බලකර සිටිමු. ධීවර අප අතර භේද නිර්මාණය කිරීමට , අප විසින් ඔබට බාරදුන් බලය වැරදි ලෙස පාවිච්චි නොකරන ලෙසට අපි රජයට අවවාද කරමු.
ධීවර සංවිධාන එකමුතුව