තද සුළං සහිත පැවති කාල ගුණ තත්වයද හේතුවෙන් මීගමුවේ ධීවරයන්ටද එතරම් සරු රැකියා තත්වයක් තිබුනේ නැත.
මේ නිසාම මාළු ආහාරයට ගන්නා බහුතරයකට මේ දිනවල සිදුවන්නට ඇත්තේ කරවල සහ සැමන් වල පිහිට පැතිමටය.
එහෙත් අද ඒ සැමට සතුටුදායක පුවතක් ලැබි තිබුණි.එනම් කන්දකුලිය නම් ප්රදේශයට මීවැටි නම් වු මත්යස්ය විශේෂය විශාල වශයෙන් අසුව තිබිම නිසා මීගමුවේ මේ ගල් මත්යස්ය විශේෂය මාංකුලිය ලෙල්ලමේ රු 150 පමණත් කොටුව පිට්ටනිය අසල ලෙල්ලමේ රු 200 ක මුදලකටත් මිළදි ගතහැකිව තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් වැල්ලවිදියේ තෙප්පම් ධිවරයෙතු පවසා සිටියේ තවත් සති 2 ක් පමණ යන විට මීගමුව වැල්ලෙන්ද අඩුමිළට මීවැටි මිළට ගැනිමට හැකි වන බවකි.