දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද මීගමුව රෝහලේ අවධානම් තත්වය මීට වසර ගණනාවකට කලින් දැන සිටියද ඒ වෙනුවෙන් වගකිම් සහගත මැදිහත්විමක් සිදුකර තිබුනේ නැත.
මේ රෝහල් ගොඩනැගිල්ල ඉදිකළ සමයේම වැඩ නිමකළ ගම්පහ රෝහල් ගොඩනැගිල්ල තුලද මතුව තිබුන අවධානම් තත්වයන් ගැන අදාල බලධාරින් කඩිනමින් ක්රියාත්මක වු නිසා අදටත් ඒහි සේවය අවධානමකින් තොරව එහි සේවය ලබන්නට ඒ ජනයා අදටත් වාසනාවන්තයන් වි ඇත.
එහෙත් මීගමුව ගොඩනැගිල්ලේ ආයු කාලය වසර 14 කට සිමා වෙන්නට ඉඩ සැලසි ඇත්තේ මීගමුවේ දේශපාලනහා පරිපාලන අධිකාරියන් මේ ගැන වගකිමකින් ක්රියානොකිරිම නිසාවෙනි.
මේ අනුව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මීගමුවේ දේශපාලනඥයන් සියල්ල මේ තත්වයට වගකිව යුතුව තිබේ.
මෙම ගොඩනැගිල්ල ඉදිකරන සමයේ මේ සමබන්ධයෙන් නිසි සොයා බැලිමක් කිරිමට එවක ඇමතිවරයෙකු වු නැසි ගිය ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතා අපොහසත්වුණිද ?
අද සිදුවෙනවාක් මෙන් අදාල කොරියානු සමාගමට අමතරව වෙනත් අදාල සුදුසුකම් සම්පුර්ණ කර නැති කොන්ත්රාත්කරුවන් හටද මේ ගොඩනැගිල්ලේ වගකිම් භාර දි තිබුණිද ?
මේ අතර මීගමුව රෝහලේ එවකට සිටි ඇතැම් නිළදරු අයවළුන් විසින් කරන්නට යෙදුන විවිධ දුෂිත ක්රියාවන් ගැන අදටත් මීගමුවේ තතු දන්නෝ කථාකරන්නේ කළකිරිමෙනි.