ඩිපෝව ඉදිරිපිට ඇල අසල ආයෙත් කුණු කන්දක් ?

0
347

DSC_1018මීගමුව ඩිපෝව  ඉදිරිපිට  – සෙල්ලකන්ද ට යන පාරේ ඇල අසල විශාල කුණු කසල ගොඩක් එකතුවී ප්‍රදේශයම දුර්ගන්ධයෙන් වැසී ගොස් තිබේ. මැස්සන් හා කෝදුරුවන්ද , පණුවන්ද බෝවී ඇති අතර මේ ආසන්නයේ ජීවත්වන ජනතාව මෙන්ම මෙම පාරෙන් ගමන් කරන අය අත්විඳින්නේ ඉමහත් අපහසුතා රැසකි. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම ස්ථානයට කුණු දැමිම නගර සභාවෙන් තහනම් කර ඇතත්  කුණු දැමීම නවතින්නේ නැති බවයි. එමෙන්ම මේ අකාරයට කුණු  ලොකූ උරවල බහා ගෙනත් දමන්නේ ආසන්නයේ ජීවත්වන ජනතාව නොවන බවත් නමුත් කවුරුන් හෝ මේ ප්‍රදේශයේම ජීවත්වන පුද්ගලයන් බවත් ඔවුන් පවසති.  මේ අසලින් ගලා යන කුඩා ඇලද දැන් කුණු වලින් පිරී ජලය ගලා බසින්නේ නැත. මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් දැන් නිර්මාණය වී තිබේ.
මේ ස්ථානයේ දමා ඇති මේ  කුණු මීගමුව නගර සභාවෙන් රැගෙන යන්නේ නැති අතර මෙම  ප්‍රශ්නයට ජනතාවගේ පැත්තෙන් විසදුමක් නොමැති බව ද ඔවුන් මතුකරති.
වැඩිදුරටත් ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ මේ අවට  ප්‍රදේශයේ  සත්ව ඝාතකාගාරද තිබෙන බවයි. එම නිසා ඒවායේ ඉතිරි වන මළ අපද්‍රව්‍ය ද මෙම ස්ථානයට ගෙනත් දමන අතර ඒවායින් ඇතිවන දුගද නිසා ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින්ට විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක්ද ඇති බවත් මැසි මදුරු උවදුර තවදුරටත් වර්ධනය වෙමින් ආසන්නයේ ජීවත්වන පුද්ගලයන්ට මහත් පිඩාකාරී තත්ත්වයක් ඇති බවත් ඔවුන් මැසිවිලි නගති. මෙම ස්ථානයේ මීගමුව නගර සභාවෙන් සවි කර ඇති පුවරුවක  සඳහන් කර ඇත්තේ කුණු දමන පුද්ගලයන්ට නීතියෙන් දඩුවම් කරන බවයි. එහි මිගමුව පොලීසියෙන් ද කර ඇති අවවාදයක් සදහන් කර ඇත.
නමුත් කුණු දමන පුද්ගලයන්  වැටලීමට හෝ නීතියට හසුකර ගැනීමට වැඩපිළිවෙලක් මීගමුව මහජන සෞඛ්‍ය කාර්යාලයට හෝ පොලීසියට නොමැති බවත් ජනතාව චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ මෙම ස්ථානයට කුණු ගෙනත් දමන්නන් පිළිබදව සොයාබැලීමට කැමරාවක් හෝ සවිකරන ලෙසයි.

DSC_1035 DSC_1023 DSC_1009 DSC_1003 DSC_1017  DSC_1034 DSC_1028DSC_0993 DSC_1042

2015-06-08 16.24.592015-06-08 16.27.05
ඡායාරූප – සිතුමි නවෝදා