දායන් ලංසාගේ මඩුපල්ලියේ ගේ හදන්න නගර සභාවේ සම්පත් යොදාගත්තේ කාගේ අවසරයෙන්ද ?

0
192

dayanමීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසා මඩුපල්ලිය සිමාව ආසන්නයේ නිවසක් ඉදිකරමින් සිටින බව වාර්ථා වන අතර ඒ කටයුත්ත සදහා මීගමුව මහනගර සභාවේ වාහන සහ සේවකයන්ද අවස්ථා කිපයදි යොදවාගෙන ඇති බව අපි කරුණු සහිතවම හෙළිදරව් කලෙමු.
ඒ ගැන අප විසින් මීගමුව නගරාධිපතිවරයාගෙන්  අසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් ඒ ගැන කිසිවක් .නොදන්නා බවය.
එමෙන්ම මේ ගැන මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන්  අප විමසු අවස්ථාවේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බව අප වෙත කියා සිටියේය.
මීගමුව මහනගර සභාව අයත් බුම් ට්‍රක් රථය අවස්ථා කිපයදිම සේවකයන්ද සමගින් දායන් ලංසාගේ පුද්ගලික නිවසක් හැදිමට යොදාගනිද්දි ඒ ගැන වගේ වගක් නගරාධිපතිවරයාට හෝ නගාරික කොමසාරිස්වරයාට නැත,එසේ නම් මේ  රජයේ දේපොල අදාල බලධාරින්ද නොදැන නීති විරෝධි ලෙසින් භාවිතා කරන්නට හයිය දයාන් ලංසාට ලැබෙන්නේ  කොහෙන්ද ?
මේ රාජ්‍ය දේපල අපහරණය පිළිබදව නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා කඩිනමින් පරික්ෂණයක් පවත්වා අවැසි විනය ක්‍රියාමාර්ග නොගන්නේ මේ සම්පත් අපහරණය මේ දෙදෙනාගේම පුර්ණ ආශිර්වාදය යටතේ සිදුව ඇතැයි සිතන්නට අපට සිදුවන බව මේහිලා සටහන් තබන්නෙමු.