නරක් වීමට නියමිත HIV රුධිර සාම්පල STD ශීතකරණයේ ?

0
93
blood samples

මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රධාන රසායනාගාර කටයුතු සිදුකරන්නේ එහි ලිංග්‍රාශ්‍රිත ඒකකයට අයත් කාමර 4කය. කලින් STD සායනයට අයත්ව තිබූ  HIV රුධිර පරීික්ෂාකරන යන්ත්‍රයද ක්‍රියාත්මක වූයේ මෙම එක් කාමරයකය. මේ වනවිට එහි ඇතිවී ඇති යම් කිසි  අක්‍රමිකතාවක් හේතුවෙන් HIV රුධීර සාම්පල 700ක් පමණ තවමත් ශීතකරණයේ තබාගෙන සිටින බව වාර්තා වේ. මෙසේ HIV පරීක්ෂණය සදහා  ඇත්තේ ගැබිණි මව්වරුන්ගේ ලේ සාම්පල සහ , STD  සායන රෝගීන්ගේ ලේ සාම්පල වන බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියි. මේ වනවිට HIV පරීක්ෂන යන්ත්‍රය ක්‍රියාකරවිම සදහා පුහුණුව ලත් රසායනාගාර තාක්ෂණවේදී නිලධාරියෙකු ද සිටින අතර ඔහුට ද මාසයක් පුරා මෙම කටයුත්ත සදහා  යෙදවීමට ඉඩක් ලැබී නොමැති බවද වාර්තා වේ.
තවදුරටත් මේ තත්ත්වය පැවතියහොත් මෙම රුධීර සාම්පල නරක්වීමට මෙන්ම   මෙම තත්ත්වය  ලිංගාශ්‍රිත රෝග පාලනයට බාධාවක් විය හැකිය.