බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා මහතාගේ ඉතා සමිපතම ආධාරකරුවෙකු වු මීගමුව නාගරික මන්ත්රි සුනිල් සිල්වා යළිත් එජාපයට පැමිණිම සදහා සාකච්ජා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ශ්රිලනිප නාගරික මන්ත්රිවරයෙකු කියා සිටියේ තමන්ටද එවැන්නක් දැනගන්නට ඇති බවය.
මීට වසර 10 කට පමණ ඉහතදි පැවැති මැතිවරණයකදි නිමල් ලංසාගේ අධාරකරුවන් විසින් සුනිල් සිල්වා මන්ත්රිවරයාගේ නිවසට සහ එහි සිටි අයට පහරදි බරපතල අලාභ සිදුකර තිබුණි
මේ සම්බන්ධ නඩුව තවමත් අධිකරණයේ පවති.ඔහු එජාපයට එන්නේ නම් නඩුව යලි කරලියට ගැනිමේ ඉඩක් ඇතැයිද සැලය.
සුනිල් සිල්වාව එජාපට සම්බන්ධ කර ඇත්තේ ජෝශප් මයිකල් පෙරේරා විසිනි.