ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීම සඳහා මහින්දව පරාජය කරන්න-මර්වින් සිල්වා

0
271

mervinරටේ ජනතාව ශ්‍රීලංකා නිදහස් පක්ෂය රැක ගන්න නම්  මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා මෙවර මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ තරඟ කරන පක්ෂය පරාජය කළ යුතු යැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

අද (16) අප හා සංවාදයකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගියදා  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කල ප්‍රකාශය ඉතාමත් අගය කරන බවයි. එමෙන්ම පෞරෂයක් ඇති, අත්වල ලේ නොගෑවුන  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා වැනි නායකයන් රටකට වාසනාවක්  බවද ඔහු සදහන් කළ අතර තමාට නාමයෝජනා ලබා නොදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පලිගැනීමේ දේශපාලන ප්‍රතිපත්තියට අනුව බවද ඔහු පැවසීය.

‘මම අගය කරනවා මෛත්‍රිපාල ජනාධිපති තුමාගේ ප්‍රකාශය  එහෙම තමයි රටක නියම නායකයෝ. නමුත් එතුමට නාමයෝජනා අවශ්‍යය පරිදි සකස් කරන්න දුන්නේ නෑ මොකද රාජපක්ෂ කල්ලිය ශ්‍රීලංකා එක කඩන්නයි  හදන්නේ අපි කියන්නේ ජනාධිපති තුමනි එකට ඉඩ තියන්න එපා යැයි ද මෙහිදී හිටපු අමාත්‍යවරයා තව දුරටත් අනාවරනය කළේය.

නාමයෝජනා නොදෙන්න තරම් චෝදනා මට  තිබුණේ නෑ. අනික සමහර  සිදුවීම් වලදි පක්ෂයෙන් පවත්වපු විනය පරීක්ෂණ වලින් මම නිදොස්  වෙලා තියනවා. නමුත් මෙවර රිමාන්ඩ් භාරයේ ඉන්න අයටත් නාමයෝජනා  දීලා තියෙනවා. එ් වගෙම පොලීසියට ගල් ගහලා මරණවා කියපු අයටත්  නාමයෝජනා දුන්නා. මහින්ද රාජපක්ෂට බැසිල් රාජපක්ෂට ඕන වුනා  මගෙන් පලිගන්න. ඒකයි මට නාමයොජනා නුදුන්නේ යැයි ද මර්වින් සිල්වා මහතා  මෙහිදී පැවසීය.
thecolombopost.net