විමල්ගේ තවත් පර වැඩක් !

0
109

Cnewsබොරු ෆැක්ටරියක් වී තිබෙන විමල් වීරවංශයේ ලංකා සී නිව්ස් වෙබ් අඩවිය අද දින ‘සත්හඬ’ පුවත්පතේ උපුටා ගැනිමක් ලෙස හැඟවෙන ව්‍යාජ තොරතුරු ඇතුලත් පුවතක් පළ කර තිබේ. ‘සත්හඬ’ නමින් මේ රටේ ඇත්තේ එක් ඉරිදා පුවත් පතකි. එම පුවත් පතෙහි මෙවැනි පුවතක් පළ වී නැත.

එහෙත් sathhanda.lk හා වීරවංශයේ බත් බැලයන් විසින්ම පවත්වාගෙන යන sathhanda.com නමින් වෙබ් අඩවි දෙකක් තිබේ. sathhanda.lk වෙබ් අඩවිය ‘සත්හඬ’ පුවත්පතට අයත් නිල වෙබ් අඩවිය වන අතර එහිද මෙවැනි පුවතක් පල වී නැත.

‘සත්හඬ’ පුවත්පතෙහි ජනප්‍රියතාවය උපයෝගී කරගෙන වීරවංශ බත් බැල්යන් විසින් අටවාගෙන තිබෙන මෙම වෙබ් අඩවිය හා සී නිව්ස් වෙබ් අඩවිය දිගින් දිගටම ව්‍යාජ තොරතුරු සමාජ ගත කරමින් සිටී. ඉහත් කි පුවතද එවැනි නිර්මාණයක් පමණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක්දි ‘සත්හඬ’ පුවත් පතෙහී ප්‍රකශකයකු පැවැසූවේ. ‘සත්හඬ’ මේවන විට ඇත්ත කතා කරන එකම පුවත්පත ලෙස අත්පත් කරගෙන තිබෙන ජනප්‍රියතාවය බොරු කාරයන්ගේ පැවැත්මට බරපතල හානියක් සිදු කරමින් සිටින නිසා මෙවැනි පහත් පෙලේ කොන්ද පණ නැති නපුංසක ක්‍රියාවන්හි යෙදෙන බවය. එයින් පෙනී යන්නේ ‘සත්හඬ’ මේ බංකොලොත් දේශපාලකයන්ගේ පැවැත්මට කෙතරම් හානි දායක වී ඇතිද යන බවය.
http://www.lankadaily.com

c-news-sathanda