මා මේ ඔබට කියන්නට යන්නේ ප්‍රසන්න කතාවක් නම් නොවේ. එහෙත් මේ රටේ එක පරම්පරාවක් වැටුණු වලේ අනාගත පරම්පරාව නොවැටෙන්නට නම් ඔබ අසන්නට අකමැති, මේ අවාසනාවන්ත කතාව ඔබ යළි සිහිපත් කර ගත යුතුය.
මෙහි දෙවනි ඡයාරූපයේ ඉන්නා කුඩා දියණියගේ දෑසින් වැටෙන කඳුළු දෙස බලන්න. මේ හයක් හතරක් නොදන්නා දැරිවියගේ පියා, ඩබ්ලිව්. ඇන්තනි ප්‍රනාන්දු මහතා ඇයට අහිමි කළේ පර්සි මහින්ද රාජපක්ෂගේ මෘග ආණ්ඩුවය. මහපාරේ බල්ලකු ලෙස වෙඩි කා මියෙන්නට ඒ අහිංසකයා කළ වරද තමන්ගේ ධීවර ජීවිතය ගෙන යාමට අත්‍යාවශ්‍ය භූමිතෙල් වල මිළ අසාධාරණ ලෙස වැඩි කිරීමට එරෙහිව සාමකාමී විරෝධයක නිරත වීමය. අද පර්සි මහින්ද අඩු මිළට භූමිතෙල් දීමක් ගැන කතා කරයි. මේ අහිංසක දියණියගේ පියා කෲර ලෙස උදුරා නොගෙන ඔහුට එදා එය කළ නොහැකි වූයේ මන්ද?
තෙවන ඡායාරූපයේ අවසන් නින්දේ නිදන තරුණයා දෙස බලන්න. රොෂේන් චානකගේ නව යොවුන් ජීවිතයද උදුරා ගත්තේ පර්සි මහින්ද රාජපක්ෂගේ තිරිසන් ආණ්ඩුවමය. මිය යන විට ඔහු රැකියාවට ගොස් මාස හතරක් ගත වූවා පමණි. පර්සි මහින්දගේ ලොකු මල්ලී නන්දසේන ගෝඨාභයගේ කුළු පොළු හමුදාවෙන් නිකුත් වූ වෙඩි උණ්ඩ මේ අහිංසකයාගේ සිරුර පසාරු කොට ගෙන ගියේය. මොළය මියගිය ඔහුගේ සිරුරේ ජීවය, ඔහුට සැනසිල්ලේ මැරෙන්නටවත් ඉඩ නොතබා දේශපාලන වාසි පිණිස පවත්වාගෙන යනු ලැබිණි. මේ තරුණයාගේ අවමඟුල වත් නිසි ලෙස පැවැත්වීමට රාජපක්ෂගේ ආණ්ඩුව ඉඩ නොසලසන ලද්දේය.
පර්සි මහින්ද රාජපක්ෂගේ ලොකු මල්ලී නන්දසේන ගෝඨාභයගේ අණින්, පිපාසයට දිය බොන්නට ඉල්ලූ අහිංසකයින්ට තලා, හමුදාව හා පොලීසිය රතුපස්වලදී නැටූ නාඩගම නම් මා මතක් නොකළද ඔබට අමතක විය නොහැකිය. පර්සි මහින්දගේ ආණ්ඩුව මේ සිද්ධියේදීද වටිනා මිනිස් ජීවිත තුනක් උදුරා ගත්තේය. ඉන්පසුව පර්සි මහින්ද අන්තිම අසදාචාරාත්මක සේ, එසේ උදුරා ගත් මිනිස් ජීවිත මුදලින් මිළ කරන්නාක් සේ මියගිය අයගේ පවුල් අරලියගහ මන්දිරයට කැඳවා මහින්ද චින්තන බණ කියා රුපියල් 100,000 බැගින් දී අත සෝදා ගත්තේය. අඩුම වශයෙන් මේ එක මළ ගෙදරකට සහභාගි වන්නට හෝ පර්සි මහින්දට ශිෂ්ට බවක් නොවීය. අද මේ පුද්ගලයාම උතුරු මැද පළාතේ ජනතාවට පානීය ජලය දෙන්නට පොරොන්දු වන්නේ රෙදිත් ඇඳගෙනය.
පර්සි මහින්ද, නන්දසේන ගෝඨාභය හා සමාගම අළුත්ගම නැටූ විකෘති රංගනයද ඔබේ මතකයෙන් ගිලිහී නොයන තරමට අළුත්ය. එහිදී නන්දසේන ගෝඨාභයගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ බොදු බල සේනාව නැමති වර්ගවාදී සංවිධානය ජාතිවාදය වැපිරීමට එරෙහිව කිසිම පියවරක් නොගන්නා ලදී. ඔවුන්ට කැමැති කැමැති ලෙස ප්රචණ්ඩත්වය පැතිරවීමට ඉඩ දෙන ලද්දේය. මේ අවාසනාවන්ත සිද්ධිය කෙළවර වූයේ තවත් මිනිස් ජීවිත හතරක් ගිල ගනිමිනි.
ඔබේ දේශපාලන පක්ෂපාතීබව කුමක් වුවද, මිනිසත්කම අංශුමාත්රයක් හෝ ඔබ තුළ ඇතිනම්, ඔබෙන්ම මෙසේ අසා ගන්න. අගෝස්තු 17 වැනිදා මා මගේ වටිනා ඡන්දය භාවිතා කළ යුත්තේ මෙවැනි මෘග, තිරිසන් පාලනයක් යළි බලයට ගෙන ඒම පිණිසද?
(උපුටා ගැනිම- මුහුණු පොතෙනි)