තට්ටු 3ක් උඩ හිටපු ලංසාව පොලිසිය අමාරුවෙන් බිමට බස්සලා …..

0
64

lansa poster1මීගමුව තුල  වැඩියෙන්ම මැතිවරණය නීති කඩන්නට පටන්ගනිමින් සිටින්නේ බුලත් කොලේ කට්ටිය බව වාර්තා වේ.
දශකයකටත් වැඩි කාලයක් මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් ඡන්දය කරපු බුලත් කොලේ කට්ටිය දැන් නිතිය ඇතුලේ තබාගන්නට මීගමුව පොලිසියට මහත් වෙහෙසක් ගන්නට සිදුව තිබේ.
මැතිවරණ ව්‍යාපාරයේ කට්අටුට් පප්පා ලෙසින් විරුධාවලිය ලබා සිටින ඇමති නිමල් ලංසා සුපුරුදු පරිදි කලින් මැතිවරණ වලදි මෙන්ම වැඩ දමන්නට පටන්ගෙන ඇති අයුරු අප දකින්නේ පාරට බැස්ස විටය.
පසුගිය දිනක ඡන්දය ඉල්ලමින් නිමල් ලංසා මීගමුවේ කොප්පරා හංදියේ කිල්ස් සුපර් මාර්කට් එක අසල තට්ටු 3 කට ගොඩනැගිල්ලක මුදුනට නැග තිබුණි.
එහෙත් මීපුර වෙබ් අඩවිය විසින් කරන්නට යෙදුන හෙළිදරව්වකට අනුව යමින් වහා ක්‍රියාත්මක වු මීගමුව පොලිසිය එහි වු අපහසුවද නොසලකා තට්ටු තුනම නැග කෙසේ හෝ අමාරුවෙන් ලංසාව බිමට බස්සවා තිබුණි.,
ඒ වන විට ඔහුගේ දිග පළල අඩි 40 යි අඩි 40 ක් යැයි පොලිසියේ ප්‍රකාශයකු පවසා සිටියේය,එපමණක්ද නොව එහි මුදුනට නැගීම සදහා ගොඩනැගිල්ලේ අය විසින් පොලිසිය විවිධ බාධා පමුණුවා තිබුණ  බවද සැලය.